(ශාන්ත චන්ද්‍රසිරි)
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් ජලාශයේ ඉහළ ප්‍රදේශයන්ගේ ජලය අද (25) සම්පුර්ණයෙන්ම ඉවත්ව ගොස් තිබු අතර, එම ප්‍රදේශයන්ගේ ජලාශ පතුළේ විශාල වශයෙන් රොන් මඩ තට්ටු වශයෙන් එකතුව තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි.
ජලය ඉවත්ව ඇති ප්‍රදේශයන්ගේ ජලාශයට බැසීම අනතුරුදායක බැවින්, එහි බැසීමෙන් වළකින ලෙස ජලාශභාර නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රොන්මඩ, කුඹුරුවලට යැවීමට සැලස්සුවා නම් ලබනපාර පොහොර නැතිව හොඳ අස්වැන්නක් ගන්න තිබුණනේ. කොහොමත් හොඳයි දැන්මම ජලාශය හිස් කරපුඑක එන වැස්සත් එක්ක ආපහු ජලාශය පුරවාගත හැකි වේවි...!!!
වහිනකම්ම ඉඳලා නඩත්තු කරන්න පටන් ගත්තා. එතකොට පුද්ගලික ආයතනවලින් විදුලිය අරගෙන කොමිස් ගහන්න පුළුවන්නේ...
[ඉහළ කොත්මලේ ජලය ඉවත් කෙරේ....] ඒ ඉවත්කරපු ජලය කොහාටද යැව්වේ කියලත් මහජනතාව දැනුවත් කලා නම් හොඳ නැද්ද? කර්කශ උතුරුමැද, උතුර වගේ දිය බිඳක් නැති පළාත්වලට මෙවැනි දැවැන්ත ජලකඳක් යොමු කරනම් ඒ පළාත් වැසියන්ට කොතරම් මහගු සෙතක් සැලසෙනවා නොවේද? තවම උතුරට වතුර නැති එකට පිලියමක් සොයාගෙන නැද්ද ??
ඔව් ඔව්.. ඊට පස්සේ අර විසන්ධිමුත්තා බොහොම සත්ව කරුණාවෙන් කියයි. ජාතික විදුලි පරිභෝජනය ට නිෂ්පාදන දායකත්වය මදි තුර්කි නැවෙන් ගම්මු කිව්වේ එක තමයි කියලා.