
(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාරවල සිට ජංගම දුරකතන මගීන් මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධවල නිරතව සිටි බවට හඳුනාගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 33දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය සූදානමින් සිටින බව පැවසේ.
දැනට බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවන් 46දෙනෙකු විශේෂ ගණයේ තනි සිර කුටිවල රඳවා සිටින අතර, මෙම 33දෙනා රඳවා තැබීම සඳහා මේ වනවිට විශේෂ ගණයේ සිරකුටි 100ක් ඉදිකරමින් පවතින බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩි 7ක් විතර ගැඹුරු වලක් මෙන් හදපු කොන්ක්‍රීට් සිර කූඩුවල මේ අය වෙනම දැම්මානම් වැඩේ ඉවරයි. එළියට ගෙනියන්න ඕනේ නැහැ. හිරකුටියේ වහලෙන් ඉර එළිය ඇතුළට ලබාදෙනවා. කුඩා වැසිකිළියක් හිර කූඩුවේ ඇතුලේ හදනවා. කෑම විශේෂිත කවුළුවකින් දෙනවා. මැරෙනකම්ම කුඩුවේ. පිටකවුරුවත් හම්බ වෙන්න අවස්ථාවක් නැහැ.
අප තරයේ විශ්වාස කරනවා අදාළ නිලධාරීන්ට සාමකාමී සමාජයේ උන්නතිය උදෙසා "මේ යන ගමනේදී" මහා පරිමාණයෙන් කෙසේවෙතත් සුළු පරිමාණයෙන් හෝ අවස්ථාවක් ලැබුණොත් එයින් උපරිම ඵල නෙලාගෙන තමාගේ උපන් රටට සේවයක් කරයි යන්න. එවන් අවස්ථාවක් එම නිලධාරීන්ට උදා වේවා ...!!!
අපරාධ කරුවෝනම් බුස්සට නොවෙයි එහා ලෝකෙට මාරු කලත් අපිට කමක් නැහැ.