
( බන්දුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී කථානායකවරයා අපක්ෂපාතීවිය යුතු නමුත් මේ මොහොතේදී ඔබතුමා පුටුවේ වාඩිවී සිටින්නේ ආණ්ඩුපක්ෂයට, එනම් දකුණු පැත්තට බරව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම කථාව ඇසුණු සැනින් දකුණු ඇලයට බරව වාඩිවී සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් වහා හරි බරි ගැසී අසුනේ කෙලින් වාඩිවන අයුරු දක්නට ලැබිණි.
කථානායක අසුන පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපක්ෂයට හරි මැද පිහිටා තිබුණත් කථානායකවරයා ඉඳගෙන සිටින්නේ දකුණට බරව මෙන්ම කටයුතු කරන්නේද එසේම බවත් එසේ කටයුතු නොකර මැදහත්ව කටයුතු කරන මෙන්ද අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනාගේ ඇල පේනවා තමන්ගේ ඇල පේන්නේ නැති කුහකම පක්ෂයක් තමයි. යහපාලනේ ගෙනැල්ලා ලංකාව විනාශ කරන්න මූලිකවම වග කියන්න ඕනේ පක්ෂ 2න් එකක්. බැරිවෙලාවත් බලේට පත්වුණොත් මිනිස්සුන්ට රටදාලා යන්න තමයි වෙන්නේ.
ඈ බොල කළුකුමාර මල්ලියේ.. අපට කවුරු බලයේ සිටියත් කමක් නැත.. දැන් කතානායකගේ ඇලය ගැන කතාකරන ඔබ, කරූ සීයා නොහොත් "කෙසෙල් කරුවා" පට්ටියේ කතානායක ලෙස පැත්තකටම ඇලවෙලා කෑමොර දෙනකොට කළු කුමාරයාගේ කට වහලමද තිබුනේ?
කතානායක කියන්නේ ආණ්ඩු විපක්ෂ භාවයකින් තොරව මුලසුන හොබවන්න ඕනෑ පුද්ගලයෙක්... එහෙත් මේ කතානායක සම්පූර්ණයෙන්ම ආණ්ඩු පක්ෂයට කඩේයාමක් දකින්න ලැබෙනවා. පාර්ලිමේන්තුවේ දිගටම හිටියොත් හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් ඉදිරියේදී.
මන්දමානසිකත්වයෙන් උද්ධච්ඡ වෙලා ඉන්න කට්ටියට කෙනෙක් හරි දෙයක් කිව්වත් ඒක අගය කරන්න ටිකක් අමාරුයි.
ඔබට ඔබගේ ඇදය පෙනෙන්නේ නැද්ද?
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන වහල්ලුන්ගේ පරපුර..
මෙයාලට පෙනෙන්නේම අනුන්ගේ ඇද.
බලමුකො 69 ලක්ෂයක් ඡන්දය දීලා තෝරාගත් කට්ටිය වැඩකරන හැටි...
එම ස්ථානයට ඔහු සුදුස්සෙක් නොවේ.
ලෝක සිතියමේ විදියට මුළු ලංකාවම තියෙන්නේ ටිකක් ඇලේට. ඕවා වෙනස් කරන්න බැහැ දැන්.
ලංකාවනම් දැන් ගන්නම දෙයක් නැහැ. කොරෝනා නිසා ගිලෙන නැවෙන් වෙන රටකට පැන ගන්න විදියකුත් නැහැ.
සර්ව සාධාරණ මෙතුමා ලඟදීම දවසක කියයි ඇයි කතානායකතුමා සද්දෙ අනුව බහුතරය තීරණය කරන්නේ නැත්තේ කියලා. ආයිත් කියයි ඇයි ස්ථාවර නියෝත අත්හිටුවලා 20 සම්මත කරගන්නේ නැත්තේ කියලා. එහෙම නොකරන මේ කතානායක පක්ෂග්‍රාහීයි කියලත් කියයි.
මොන කතානායක වුණත් ආණ්ඩුව පැත්තට ඇලවෙනවා. ඕක මේ කතානායක විතරක් කරන දෙයක් නොවේ. ඔහෙලා යහපාලන කාලේ කතානායකත් එක්ක යහපාලන ආණ්ඩු පැත්තේ වාඩිවෙලාම හිටියේ... මතක නැද්ද?