(නාලක සංජීව දහනායක)
සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර ඇතැයි අධිකරණ මානව හිමිකම් සහ නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
ඊට සමගාමීව අධිකරණ ක්‍ෂේත‍්‍රයේ නියුතු සියලුම පුද්ගලයන්ට පරිගණක දැනුම ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම නඩු ප‍්‍රමාදවීම පිළිබඳව සමාලෝචනය කර ප‍්‍රමාදය වැළැක්වීම සඳහා අලුත් ක‍්‍රමවේදයක් සකස් කරන බව කී අමාත්‍යවරයා දික්කසාද නඩු විසඳීම සඳහා විශේෂ ක‍්‍රමවේද හඳුන්වාදෙන බවද සඳහන් කළේය.
විනිසුරුවරුන්ට කාර්ය මණ්ඩලවලට හා අධිකරණයට පැමිණෙන ජනතාවගේ සනීපාරක්‍ෂක කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රමාද වී හෝ නඩු අහනවා. නියමෙට තියෙයි. කට්ටිය තාක්ෂණ දැනුම ඉගෙනගෙන නඩු අහනකොට.......ඇත්තටම උගතුන්ද මේ රට කරන්නේ ? මේ රට වැටිලා තියෙන හැටි පේන්නේ නැත්ද ? මොළයක් නැති කමද ? චීනෙන් අඩුවට ලැබුනද මෙවලම් ටිකක්. දික්කසාද නඩු අහන්න වෙන්නේ දෙන්නගෙන් එක්කෙක්නෙක් පරලොව ගිහින් අවුරුදු ගානකට පස්සේ. අපේ රටේ අයට අතේ සතේ නැහැ. ඒ වුනාට කරන දේවල්......අර බේබි කෙනෙක්ගේ රොකට්ටුව තවමත් යනවද ? නියමයි ඔන්ලයින් නඩු අහන්නත් හැදුවනම්......
ඉඩම් නඩු පරම්පරා දෙක තුන යන ඒවා තියෙනවා. ඒවටත් යම් ක්‍රමවේදයක් ගේන්න ඕන. සමහර අය නම් කියන්නේ මේවා ඕනකමින්මයි ඇදගෙන යන්නේ අහවල් මහත්තුරුන්ට පරම්පරා ගානකට හම්බකරන්න ඉඩ දෙන්න කියලා. අනික මොලේ තියෙන අය හිතන්න පුලුවන් අය උසාවිවලට දාන්න. ගොඩක් ප්‍රශ්න තියෙන තැන් බැලුවොත් පෙනේවී හිතන්න බැරි අය තනතුරු වල ඉන්නේ කියලා.