IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපතිගේ කතාවට ඡන්දයක් ඉල්ලූ අයට එජාප නායක කී දේ

නත්තල් නිවාඩුව නිමිත්තෙන් එජාප නායක රනිල් සුපුරුදු පරිදි මෙවරත් විදෙස් සංචාරයක නිරත වූවේ මඳක් විවේක ගැනීම ප්‍රධාන අරමුණ කර ගනිමිනි. ඒ අනුව මෙවර ඉන්දියාවේ හිමාල ප්‍රදේශය ආශ්‍රිත අධික හිම පවා වැටෙන යුරෝපා දේශගුණයට සමීප සංචාරක පාරාදීසය ලෙස ප්‍රසිද්ධ ඌටි පළාත එ.ජා.ප නායකයාගේ විවේකය සඳහා තෝරාගෙන තිබිණි. 


 එහිදී විවේක සුවය ලබන අතරේ එරට සිවිල් සමාජ නායකයින් කිහිප දෙනෙකු සමග ද ඔහු සාකච්ඡා කළේය. ඌටිවල සිටිය ද ඒ අතර ශ්‍රී ලංකාව තුළ වූ බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳව එජාප නායකයා දුරකථන සහ වෙනත් තාක්ෂණික ක්‍රම හරහා එජාප සෙසු නායකයින් සමග කතාබහ කිරීම ද, අවශ්‍ය උපදෙස් සැපයීම ද කළේය. 
2020 එළැඹෙන්නට දින දෙකක් තිබියදී යළි සිය රට පැමිණි එජාප නායකයා අනතුරුව අවධානය යොමු කළේ එජාප අභ්‍යන්තර ගැටලු විසඳමින් පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ප්‍රතිසංවිධානය කර ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත් ලෙස මුහුණ දීමටය. 


ජනවාරි 03 වැනිදා රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේදී ජනපතිගේ කතාව හා ඉන්පසුව සභාව කල් තැබීමේ යෝජනාවට සියලු පක්ෂ නායකයින් එකඟත්වයකට එළැඹ තිබීමට අද‌ාළව ද ඔහුගේ අවධානය යොමු කෙරිණ. 
මහ මැතිවරණයට මුහුණදීම සඳහා කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු එජාපෙ නායකත්ව මණ්ඩලය පත් කිරීම ගැන ද මෙහෙයුම දියත්ව තිබේ. එහෙත් එජාප පෙරමුණේ ඇතැම් පිරිස් ඒ සඳහා එකඟත්වය පළකරන්නේ නැත. ඒ පසුබිම තුළ කරු ජයසූරිය වෙනුවට නවීන් දිසානායක හෝ දයා ගමගේ ගේ හෝ නම යෝජනා කිරීමට ද උත්සාහය තිබේ. 
එජාපෙ තුළ සිටින පක්ෂවල නායකයින් එජාප සාමාජිකත්වය ගන්නේ නම් ඔවුන් පිළිබඳව ද සළකා බැලීම සුදුසු බවට ද එජාප නායකයාට යෝජනා ඉදිරිපත්ව තිබේ. 
බ්‍රහස්පතින්ද‌ා සවස එජාපෙ තීරණාත්මක කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී රැස්වෙන්න නියමිතව තිබියදී එදින උදේ එජාප නායකයා හා එජා පෙරමුණේ සෙසු පිරිස් අතර හමුවීම් කිහිපයක් කොළඹ 3, පස්වැනි පටුමග නිවසේදී පැවැත්විණි. 


‘ආ.... ලක්ෂ්මන් එංගලන්තයේ ඉදලා ආවේ කවද‌ා ද?’ ලක්ෂ්මන් කිරිඇල්ල දුටු එජාප නායකයා විමසීය. 


‘ඔබතුමා ආපු දවසේමයි. මමත් ආවේ. මේ ආණ්ඩුවට අප බලය ලබා දුන්නේ ජනපතිවරණයේ ජනමතයට ගරු කරලායි. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට ඔවුන් ජනතාව පිට මහා ජීවන බර සති කිහිපයක් තුළ පටවලා. ඒ මදිවට විපක්ෂය මර්දනය කරන්නත් පටන් අරන්.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. 


‘පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ එජාපෙටයි. ආණ්ඩුව අපේ අය මර්දනය කරන්න එනවා නම් ජනාධිපතිතුමා තුන්වැනිද‌ා පවත්වන කතාවට ඡන්දය ඉල්ලා එය පරාජය කළ යුතුයි කියා අදහසක් මෝරනවා නේද?’ ජේ.සී. අලවතුවල ඇසුවේය. 


‘ජනාධිපතිගේ කතාවට චැලේන්ජ් කර ඡන්ද ඉල්ලන එක හරි නැහැ.1977 න් පසු එහෙම කරලාත් නැහැ. ඉස්සර ආණ්ඩුකාරවරයා රාජාසන කතාව කළේ රැජිණ වෙනුවෙනුයි. ඒත් දැන් ජනාධිපති කරන්නේ ඔහුගේ කතාවයි. ඒකට අභියෝග කරන එක හොඳ මදි. ලංකාවේ සංස්කෘතිය, ලෝක ප්‍රවණතා, ආර්ථිකය, ජීවන බර, විපක්ෂ මර්දනය වගේ දේවල් ගැන අපට ඕනෑනම් පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවනි. ඒත් ජනාධිපතිගේ කතාවට අභියෝග කරන එක සුදුසු නැහැ.’ එජාප නායකයා සිය ස්ථාවරය පැහැදිලි කළේය. 
 ‘දැන් මහ මැතිවරණය අප්‍රේල් අන්තිම බවයි ආරංචි. පාර්ලිමේන්තු නියෝජිතයන් සමහරුන් ඒකට කැමැතියි. සමහරුන් විරුද්ධයි.’ නුවරඑළිය දිස්ත්‍රික් එජාප මන්ත්‍රී කේ.කේ. පියදාසගේ මතය එය විය.



අදහස් (0)

ජනපතිගේ කතාවට ඡන්දයක් ඉල්ලූ අයට එජාප නායක කී දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site