අතුරලියේ රතන හිමියන් විසින් දළදා මාලිගය අසල කළ උපවාසය නිමා වූයේ ඊයේ පෙරේදාය. පාස්කු ඉරිදා සිදුවීමෙන් මේ රටේ දේශපාලනයට සිදුවූ බලපෑම මේ උපවාසයත් සමගින් තවත් සංකීර්ණ වූ බව සැබෑවක්ය. රතන හිමියන් උපවාසයට ඉඳගන්නා විට ඒ පිළිබඳව විහිළුවෙන් බැලූ අය පවා අද ඉන්නේ තරමක් තිගැස්සීමකින් බව සත්‍යයක්ය. මෙතැන සිදුවුණේ කුමක් ද සහ සිදුවෙන්න යන්නේ කුමක්ද යන කාරණා ගැන විවිධ නිර්වචන ඉදිරිපත් වෙමින් පවතින බව සැබෑවක්ය. මා මේ සටහනෙන් ලියන්නට යන්නේ මේ සිද්ධිය පිළිබඳව හා එහි බලපෑම පිළිබඳව මා දකින යම් නිරීක්ෂණ කීපයක් ය. 

මුලින්ම අප හැමෝම දන්නා කාරණයක් වන්නේ රතන හිමියන් යනු විවිධ කාල වකවානුවලට සාපේක්ෂව මේ රටේ දේශපාලනයේ විවිධ ස්ථාවරවලට ගමන් කළ දේශපාලනමය වශයෙන් සංවේදීත්වයක් ඇති භික්ෂුන් වහන්සේ නමක් බව ය. උන්වහන්සේ 1989 කාලයේ සිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නැඟිටීම පැත්තේ ය. ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසින් විවිධ තාඩන පීඩනවලට ලක්වී නැවත නිදහස් වී පැමිණි පසුව එහිමියන් 1991 වසරේ සිට ජනතා මිතුරෝ නමින් අලුත් දේශපාලන සංවිධානයක වැඩ කළ බවත් ඊට පසුව හෙළ උරුමය ජාතික හෙළ උරුමය යනාදී දේශපාලන ව්‍යාපෘතිවල සිටි බවත් අප දන්නා කරුණු ය.

2004 මැතිවරණයේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන උන්වහන්සේ මේ තුන් වතාවට පාර්ලිමේන්තුවට පිවිසියේ ව්‍යාපෘති තුනක් හරහා බවත් සැබෑවක් ය. ඒ කියන්නේ 2004 ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතර 2010 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දයට ඉදිරිපත්වී ජයගැනීමෙන් හා 2015 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් යන ආකාරයෙන් ය. ඒ ගමන් මාර්ගය කෙසේ වෙතත් රතන හිමියන් යනු මේ රටේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවල දී ඍජුවම ඒ තත්ත්වයන්ට අභියෝග කරමින් ඉදිරියට එන දේශපාලන චරිතයක් බව පිළිගැනීම උන්වහන්සේගේ දේශපාලන භාවිතාව ගැන විනිශ්චයක් සිදුකිරීමේ දී ඉතාමත් වැදගත් වන කාරණයක් ය. 

රතන හිමියන් 2015 ජනාධිපතිවරණය කාලයේ මතු වූයේ පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය යන නමින් ඉදිරිපත් කළ වැඩසටහනක් ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කරමින් ය. ඒ වැඩසටහන ඉදිරිපත් කරන කාලයේ උන්වහන්සේට තිබුණේ රටේ ඉදිරිය පිළිබඳව යම් ආකාරයක අසංවිධානාත්මක චිත්‍රයක් බව මගේ තේරුම් ගැනීම ය. තමන්ගේ අතේ තිබෙන වැඩසටහන සහ ඔහු සතුව තිබෙන ආත්ම ශක්තිය හැරුණු විට වෙනත් බලවේගයක් උන්වහන්සේ පසුපස මුල දී හිටියේ ද නැත.

මේ වැඩසටහන සමඟින් රතන හිමියන් ගිය ගමන් මාර්ගය ඊට පසු අත්පත් කරගත්තේ කවුරුන් ද යන වග ඉතිහාසයේ පාඩම් ලෙසින් තවමත් අපේ මතකයේ තිබෙන දේවල් ය. මේ රටේ දේශපාලන බලය කොල්ලකෑමට සූදානමින් සිටි සියලු බලවේගවල තෝතැන්න බවට පත්වූයේ මේ වැඩසටහනත් සමගින් මතුවූ දේශපාලන ගමන් මාර්ගය බව පැහැදිලි ය. 2015 කාලය වනවිට නිකම්ම නිකම් කොළඹ නගරයේ එන්ජීඕකාරයන් ටිකක් වට කරගනිමින් සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජ කථාවට ශක්තියක් හැදුණේ රතන හිමියන්ගේ බලපෑම හා මැදිහත්වීම නිසා ය. 

දැන් 2015 ‘යහපාලන ව්‍යාපාරය’ විසින් මේ රටට උරුම කළ ව්‍යසනය ආර්ථික කඩා වැටීමෙන් නොනැවතී ත්‍රස්තවාදයක් දක්වාම වර්ධනය වී ඇති තත්ත්වයක් තුළ නැවතත් රටේ දේශපාලනයට රතන හිමියන් වෙනත් ස්වරූපයකින් පැමිණ ඇත.

මේ නව තත්ත්වයට රටේ ජනතාවගේ විශේෂ උනන්දුවක් හා පිළිගැනීමක් ද තිබෙන බව අපේ අවධානයට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත් ය. ‘ඔය රතන හාමුදුරුවන්ගේ වැඩක්නේ’ හෝ ‘රතන හාමුදුරුවෝ කලබල කාරයානේ’ වැනි සරල කථාවලින් ඉවතට විසි කළ නොහැකි තැනකින් නැවත වතාවක් රතන හිමියන් දේශපාලනයට සම්බන්ධ වී සිටින බව පිළිගන්නේ නැතිව මේ තත්ත්වය කළමනාකරණය කිරීමට නොව හරියට තේරුම් ගැනීමටවත් හැකියාවක් ලැබෙන්නේ නැත. මේ මොහොතේ එජාප නායකත්වය ඉන්නේ 2015 එවකට සිටි රජය සිටි තැන වගේ යැයි සිතීමේ වැරැද්දක් නැත. ඒ කියන්නේ රතන හිමියන් කරන්නට යන්නේ කුමක්දැයි හරියට තේරෙන්නේ නැති තත්ත්වයක සිටිමින් උන්වහන්සේ අවතක්සේරු කිරීමය.

අපේ අවධානයට යොමු විය යුත්තේ ආණ්ඩුව කෙසේ සිතන්නේ ද යන්න නොව විපක්ෂයේ අය මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ කෙසේ ද යන කාරණය පිළිබඳව ය. රතන හිමියන්ගේ දේශපාලන මැදිහත්වීම ගැන උපක්‍රමිකව සිතන්නේ නැතිව මේ ප්‍රශ්නයට හැඟීම්බරව එක්වීමෙන් හෝ හැඟීම්බරව තරහවීමෙන් සිදුවන්නේ දේශපාලන වැරැද්දක් බව මගේ යෝජනාවය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රායෝගික වශයෙන් බලන දේශපාලනයක් කරා වහාම මාරුවීම විපක්ෂය පැත්තෙන් අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසා ය. අනෙක් අතට සිදුවීමක් පිළිබඳව කියවීම් පැත්තෙන් හැමදාම මහින්ද බලවේගයේ ඉදිරියෙන් සිටි උපක්‍රමික ප්‍රධානීන් වන බැසිල් රාජපක්ෂ මහතා වැනි අය පෙරට පැමිණීම මෙහිදී අත්‍යවශ්‍ය බව මගේ අදහස ය. එවැන්නක් අත්‍යවශ්‍ය වන්නේ පසුගිය වසර කීපයේම විපක්ෂයේ ඇතැමුන් ගත් සමහර දේශපාලන තීරණ උපක්‍රමික ලෙසින් සේවය කළේ ආණ්ඩුව පැත්ත ශක්තිමත් කිරීමට මිස එය දුර්වල කිරීමට නොවන බව පෙනී යන නිසා ය. 

මගේ යෝජනාව වන්නේ රතන හිමියන්ගේ මතුවීමට සමාජය තුළ ඉඩක් නිර්මාණය වුණේ එක් ප්‍රධාන කාරණාවක් නිසා බවයි. ඒ කාරණාව වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය හරහා මෙරට සමාජය තුළ මුස්ලිම් අන්තවාදයට එරෙහිව මතුවූ බරපතළ විරෝධය ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් පෙන්නුම් නොකිරීම හේතු කරගෙන සිංහල සමාජයේ ඇතිවූ බරපතළ දේශපාලන ආතතිය හේතුවෙන් ය. ‘මුස්ලිම් මූලධර්මවාදය ආරක්ෂා කරන ගමන් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේ’ බොරු උත්සාහයක ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලම යෙදී සිටිනවා වැනි හැඟීමක් සමස්ත සිංහල සමාජයේ ම ඇතිවෙමින් තිබෙන්නේ මේ කාරණාව නිසා ය.

මූලධර්මවාදය සහ මුස්ලිම් ආගමික අන්තවාදය යනු එක ළඟින් යන වැඩසටහන් දෙකක් බව සිංහල සමාජයේ පිළිගැනීම බව මෙහිදී අපේ අවධානයට ගැනීම වැදගත් ය. දැන් ප්‍රධාන ධාරාවේ පක්ෂ සියල්ල ම මුස්ලිම් ඡන්ද ටික වෙනුවෙන් මූලධර්මවාදය රකින ගමන් අන්තවාදය බොරුවට ප්‍රතික්‍ෂේප කරනවා වැනි හැඟීමක් සිංහල සමාජයට දැනී තිබුණු බව ඒ අයගේ ප්‍රතිචාර තුළින් පෙන්නුම් කරන්නට පටන් ගත්තේ ඒනිසා ය. ‘රිෂාඞ්ට පක්ෂව ඡන්දය දී ගමට එන්නට එපා’ යැයි පෝස්ටර්  හැම නගරයක ම එල්ලා තිබුණේ මේ කාරණය නිසා බව අප තේරුම් ගත යුතු ය. රතන හිමියන්ගේ ව්‍යාපෘතියට සිංහල සමාජයේ විශාල පිළිගැනීමක් ලැබුණේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ පිළිබඳව තිබූ මෙම සැක මුසු පිළිගැනීමත් නිසා ය. 

තමා අයිති දේශපාලන පක්ෂය පැත්තකට විසිකර රට වෙනුවෙන් ඉදිරියට එන තත්ත්වයකට සමාජය දෝලනය වීම අප තේරුම් ගත යුත්තේ මෙවැනි පසුබිමක් සමඟ ය. එජාපය කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව හෑල්ලුවට ලක්කරන පක්ෂයක් බව සිංහල සමාජයේ බහුතරය 1994 සිට ම පිළිගෙන තිබූ තත්ත්වයක් බව පැහැදිලි කාරණයක් ය. මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය යනු ඒ පක්ෂයේ බොහෝ අයගේ අභ්‍යන්තර කල්පනා එළියට ඒමක් ලෙසින් පිළිගැනීමේ වැරැද්දක් නැත. සමරවීර මහතාගේ ප්‍රකාශයට එජාපයේ ප්‍රධානීන්ගෙන් කිසිම විරෝධයක් මතු නොවුණේ ද ඒ හේතුව නිසා ය. එහෙත් එජාපය නොවන අනෙක් දේශපාලන ව්‍යාපාර මේ කාරණයේ දී මැද සිටින්නේ නැතිව මූලධර්මවාදයටත්, අන්තවාදයටත් යන දෙකට ම විරුද්ධව නැඟී සිටිය යුතු බව සිංහල සමාජයේ පිළිගැනීම බව මේ සියල්ලෙන් තේරුම් ගත යුතු ප්‍රධාන පාඩම යැයි කීම නිවැරදි ය. 

පසුගිය දිනක අරලියගහ මන්දිරයේ පැවති මුස්ලිම් දේශපාලනඥයන්ගේ පුවත්පත් සාකච්ඡාව මගින් පෙන්නුම් කරන්නේ මුස්ලිම් මූලධර්මවාදය අන්තවාදය රැකගැනීමේ ක්‍රියාදාමයට මැදිහත්වන ආකාරයේ බරපතළකමය. උදාහරණයක් ලෙසින් කබීර් හෂීම් කියන්නේ එජාපයේ ජාතික මට්ටමේ සිටින සභාපතිවරයා ය. ඔහුට ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ලේ බහුතරය සිංහල එක්සත් ජාතික පාක්ෂිකයන් යැයි සිතීමේ වැරැද්දක් ද නැත. එහෙත් කබීර් මේ සිද්ධියේ දී පෙන්නුම් කරන්නේ තමාට කවුරු ඡන්දය ලබා දුන්නත් තමන් නියෝජනය කරන්නේ එජාපය නොව මුස්ලිම් බව හෝ මුස්ලිම්වාදය වැනි දෙයක් කියාය.

එජාපයේ කෑගල්ලේ බහුතරය මුස්ලිම් නොවුණාට හෝ ඔහුට දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය ජාතියක් හෝ ආගමක් නොබලා ලබා දුන්නාට ඔහු සිතන්නේ තමා ඉන්නේ වෙනත් කොටසක් නියෝජනය කරන්නට බවය. සිංහල සමාජය තේරුම් ගනිමින් සිටින්නේ මේ මූලධර්මවාදයේ දේශපාලනය වැරදියි කියා ය. ඒ දේශපාලනයට යටත් වෙන්නේ නැති සිංහල දේශපාලනයක් අවශ්‍ය යැයි සිතන තරමට සිංහල සමාජය ඈතට යමින් තිබෙන්නේ මේ කාරණය නිසා ය. රතන හිමියන්ගේ ව්‍යාපෘතියට සිංහල සමාජයේ අනුමැතියක් එන්නේ මේ කාරණය මත පදනම් වෙමින් බව මගේ තේරුම් ගැනීම ය.

මෙහිදී අප තේරුම් ගත යුතු කාරණය වන්නේ මේ ප්‍රශ්නයට පිළිතුර සෙවීමේ ක්‍රියාදාමයේ දී මුස්ලිම් සමාජය මූලධර්මවාදය වෙතින් ගලවා ගැනීමත් සිංහල සමාජය මූලධර්මවාදයක් වෙතට ගමන් කිරීම වැළැක්වීමත් යන සටන්පාඨ දෙකම අතට ගත් දේශපාලනයක් බවට විපක්ෂයේ දේශපාලනය පත් කිරීමෙන් තොරව මේ වටයේ මේ ප්‍රශ්නයට වැදගත් පිළිතුරක් ලබාදීමේ හැකියාවක් නැති බව මගේ අදහසය. ඉදිරි ජනාධිපතිවරණයේ අප ඉදිරියේ තිබෙන ප්‍රධානතම අභියෝගය වන්නේ එය ය.  අතුරලියේ රතන හිමියන් විසින් දළදා මාලිගය අසල කළ උපවාසය නිමා වූයේ ඊයේ පෙරේදාය. පාස්කු ඉරිදා සිදුවීමෙන් මේ රටේ දේශපාලනයට සිදුවූ බලපෑම මේ උපවාසයත් සමගින් තවත් සංකීර්ණ වූ බව සැබෑවක්ය. රතන හිමියන් උපවාසයට ඉඳගන්නා විට ඒ පිළිබඳව විහිළුවෙන් බැලූ අය පවා අද ඉන්නේ තරමක් තිගැස්සීමකින් බව සත්‍යයක්ය. මෙතැන සිදුවුණේ කුමක් ද සහ සිදුවෙන්න යන්නේ කුමක්ද යන කාරණා ගැන විවිධ නිර්වචන ඉදිරිපත් වෙමින් පවතින බව සැබෑවක්ය. මා මේ සටහනෙන් ලියන්නට යන්නේ මේ සිද්ධිය පිළිබඳව හා එහි බලපෑම පිළිබඳව මා දකින යම් නිරීක්ෂණ කීපයක් ය. 

මුලින්ම අප හැමෝම දන්නා කාරණයක් වන්නේ රතන හිමියන් යනු විවිධ කාල වකවානුවලට සාපේක්ෂව මේ රටේ දේශපාලනයේ විවිධ ස්ථාවරවලට ගමන් කළ දේශපාලනමය වශයෙන් සංවේදීත්වයක් ඇති භික්ෂුන් වහන්සේ නමක් බව ය. උන්වහන්සේ 1989 කාලයේ සිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නැඟිටීම පැත්තේ ය. ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසින් විවිධ තාඩන පීඩනවලට ලක්වී නැවත නිදහස් වී පැමිණි පසුව එහිමියන් 1991 වසරේ සිට ජනතා මිතුරෝ නමින් අලුත් දේශපාලන සංවිධානයක වැඩ කළ බවත් ඊට පසුව හෙළ උරුමය ජාතික හෙළ උරුමය යනාදී දේශපාලන ව්‍යාපෘතිවල සිටි බවත් අප දන්නා කරුණු ය.

2004 මැතිවරණයේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන උන්වහන්සේ මේ තුන් වතාවට පාර්ලිමේන්තුවට පිවිසියේ ව්‍යාපෘති තුනක් හරහා බවත් සැබෑවක් ය. ඒ කියන්නේ 2004 ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතර 2010 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දයට ඉදිරිපත්වී ජයගැනීමෙන් හා 2015 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් යන ආකාරයෙන් ය. ඒ ගමන් මාර්ගය කෙසේ වෙතත් රතන හිමියන් යනු මේ රටේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවල දී ඍජුවම ඒ තත්ත්වයන්ට අභියෝග කරමින් ඉදිරියට එන දේශපාලන චරිතයක් බව පිළිගැනීම උන්වහන්සේගේ දේශපාලන භාවිතාව ගැන විනිශ්චයක් සිදුකිරීමේ දී ඉතාමත් වැදගත් වන කාරණයක් ය. 

රතන හිමියන් 2015 ජනාධිපතිවරණය කාලයේ මතු වූයේ පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය යන නමින් ඉදිරිපත් කළ වැඩසටහනක් ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කරමින් ය. ඒ වැඩසටහන ඉදිරිපත් කරන කාලයේ උන්වහන්සේට තිබුණේ රටේ ඉදිරිය පිළිබඳව යම් ආකාරයක අසංවිධානාත්මක චිත්‍රයක් බව මගේ තේරුම් ගැනීම ය. තමන්ගේ අතේ තිබෙන වැඩසටහන සහ ඔහු සතුව තිබෙන ආත්ම ශක්තිය හැරුණු විට වෙනත් බලවේගයක් උන්වහන්සේ පසුපස මුල දී හිටියේ ද නැත.

මේ වැඩසටහන සමඟින් රතන හිමියන් ගිය ගමන් මාර්ගය ඊට පසු අත්පත් කරගත්තේ කවුරුන් ද යන වග ඉතිහාසයේ පාඩම් ලෙසින් තවමත් අපේ මතකයේ තිබෙන දේවල් ය. මේ රටේ දේශපාලන බලය කොල්ලකෑමට සූදානමින් සිටි සියලු බලවේගවල තෝතැන්න බවට පත්වූයේ මේ වැඩසටහනත් සමගින් මතුවූ දේශපාලන ගමන් මාර්ගය බව පැහැදිලි ය. 2015 කාලය වනවිට නිකම්ම නිකම් කොළඹ නගරයේ එන්ජීඕකාරයන් ටිකක් වට කරගනිමින් සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජ කථාවට ශක්තියක් හැදුණේ රතන හිමියන්ගේ බලපෑම හා මැදිහත්වීම නිසා ය. 

දැන් 2015 ‘යහපාලන ව්‍යාපාරය’ විසින් මේ රටට උරුම කළ ව්‍යසනය ආර්ථික කඩා වැටීමෙන් නොනැවතී ත්‍රස්තවාදයක් දක්වාම වර්ධනය වී ඇති තත්ත්වයක් තුළ නැවතත් රටේ දේශපාලනයට රතන හිමියන් වෙනත් ස්වරූපයකින් පැමිණ ඇත.

මේ නව තත්ත්වයට රටේ ජනතාවගේ විශේෂ උනන්දුවක් හා පිළිගැනීමක් ද තිබෙන බව අපේ අවධානයට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත් ය. ‘ඔය රතන හාමුදුරුවන්ගේ වැඩක්නේ’ හෝ ‘රතන හාමුදුරුවෝ කලබල කාරයානේ’ වැනි සරල කථාවලින් ඉවතට විසි කළ නොහැකි තැනකින් නැවත වතාවක් රතන හිමියන් දේශපාලනයට සම්බන්ධ වී සිටින බව පිළිගන්නේ නැතිව මේ තත්ත්වය කළමනාකරණය කිරීමට නොව හරියට තේරුම් ගැනීමටවත් හැකියාවක් ලැබෙන්නේ නැත. මේ මොහොතේ එජාප නායකත්වය ඉන්නේ 2015 එවකට සිටි රජය සිටි තැන වගේ යැයි සිතීමේ වැරැද්දක් නැත. ඒ කියන්නේ රතන හිමියන් කරන්නට යන්නේ කුමක්දැයි හරියට තේරෙන්නේ නැති තත්ත්වයක සිටිමින් උන්වහන්සේ අවතක්සේරු කිරීමය.

අපේ අවධානයට යොමු විය යුත්තේ ආණ්ඩුව කෙසේ සිතන්නේ ද යන්න නොව විපක්ෂයේ අය මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ කෙසේ ද යන කාරණය පිළිබඳව ය. රතන හිමියන්ගේ දේශපාලන මැදිහත්වීම ගැන උපක්‍රමිකව සිතන්නේ නැතිව මේ ප්‍රශ්නයට හැඟීම්බරව එක්වීමෙන් හෝ හැඟීම්බරව තරහවීමෙන් සිදුවන්නේ දේශපාලන වැරැද්දක් බව මගේ යෝජනාවය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රායෝගික වශයෙන් බලන දේශපාලනයක් කරා වහාම මාරුවීම විපක්ෂය පැත්තෙන් අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසා ය. අනෙක් අතට සිදුවීමක් පිළිබඳව කියවීම් පැත්තෙන් හැමදාම මහින්ද බලවේගයේ ඉදිරියෙන් සිටි උපක්‍රමික ප්‍රධානීන් වන බැසිල් රාජපක්ෂ මහතා වැනි අය පෙරට පැමිණීම මෙහිදී අත්‍යවශ්‍ය බව මගේ අදහස ය. එවැන්නක් අත්‍යවශ්‍ය වන්නේ පසුගිය වසර කීපයේම විපක්ෂයේ ඇතැමුන් ගත් සමහර දේශපාලන තීරණ උපක්‍රමික ලෙසින් සේවය කළේ ආණ්ඩුව පැත්ත ශක්තිමත් කිරීමට මිස එය දුර්වල කිරීමට නොවන බව පෙනී යන නිසා ය. 

මගේ යෝජනාව වන්නේ රතන හිමියන්ගේ මතුවීමට සමාජය තුළ ඉඩක් නිර්මාණය වුණේ එක් ප්‍රධාන කාරණාවක් නිසා බවයි. ඒ කාරණාව වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය හරහා මෙරට සමාජය තුළ මුස්ලිම් අන්තවාදයට එරෙහිව මතුවූ බරපතළ විරෝධය ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් පෙන්නුම් නොකිරීම හේතු කරගෙන සිංහල සමාජයේ ඇතිවූ බරපතළ දේශපාලන ආතතිය හේතුවෙන් ය. ‘මුස්ලිම් මූලධර්මවාදය ආරක්ෂා කරන ගමන් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේ’ බොරු උත්සාහයක ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලම යෙදී සිටිනවා වැනි හැඟීමක් සමස්ත සිංහල සමාජයේ ම ඇතිවෙමින් තිබෙන්නේ මේ කාරණාව නිසා ය.

මූලධර්මවාදය සහ මුස්ලිම් ආගමික අන්තවාදය යනු එක ළඟින් යන වැඩසටහන් දෙකක් බව සිංහල සමාජයේ පිළිගැනීම බව මෙහිදී අපේ අවධානයට ගැනීම වැදගත් ය. දැන් ප්‍රධාන ධාරාවේ පක්ෂ සියල්ල ම මුස්ලිම් ඡන්ද ටික වෙනුවෙන් මූලධර්මවාදය රකින ගමන් අන්තවාදය බොරුවට ප්‍රතික්‍ෂේප කරනවා වැනි හැඟීමක් සිංහල සමාජයට දැනී තිබුණු බව ඒ අයගේ ප්‍රතිචාර තුළින් පෙන්නුම් කරන්නට පටන් ගත්තේ ඒනිසා ය. ‘රිෂාඞ්ට පක්ෂව ඡන්දය දී ගමට එන්නට එපා’ යැයි පෝස්ටර්  හැම නගරයක ම එල්ලා තිබුණේ මේ කාරණය නිසා බව අප තේරුම් ගත යුතු ය. රතන හිමියන්ගේ ව්‍යාපෘතියට සිංහල සමාජයේ විශාල පිළිගැනීමක් ලැබුණේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ පිළිබඳව තිබූ මෙම සැක මුසු පිළිගැනීමත් නිසා ය. 

තමා අයිති දේශපාලන පක්ෂය පැත්තකට විසිකර රට වෙනුවෙන් ඉදිරියට එන තත්ත්වයකට සමාජය දෝලනය වීම අප තේරුම් ගත යුත්තේ මෙවැනි පසුබිමක් සමඟ ය. එජාපය කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව හෑල්ලුවට ලක්කරන පක්ෂයක් බව සිංහල සමාජයේ බහුතරය 1994 සිට ම පිළිගෙන තිබූ තත්ත්වයක් බව පැහැදිලි කාරණයක් ය. මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය යනු ඒ පක්ෂයේ බොහෝ අයගේ අභ්‍යන්තර කල්පනා එළියට ඒමක් ලෙසින් පිළිගැනීමේ වැරැද්දක් නැත. සමරවීර මහතාගේ ප්‍රකාශයට එජාපයේ ප්‍රධානීන්ගෙන් කිසිම විරෝධයක් මතු නොවුණේ ද ඒ හේතුව නිසා ය. එහෙත් එජාපය නොවන අනෙක් දේශපාලන ව්‍යාපාර මේ කාරණයේ දී මැද සිටින්නේ නැතිව මූලධර්මවාදයටත්, අන්තවාදයටත් යන දෙකට ම විරුද්ධව නැඟී සිටිය යුතු බව සිංහල සමාජයේ පිළිගැනීම බව මේ සියල්ලෙන් තේරුම් ගත යුතු ප්‍රධාන පාඩම යැයි කීම නිවැරදි ය. 

පසුගිය දිනක අරලියගහ මන්දිරයේ පැවති මුස්ලිම් දේශපාලනඥයන්ගේ පුවත්පත් සාකච්ඡාව මගින් පෙන්නුම් කරන්නේ මුස්ලිම් මූලධර්මවාදය අන්තවාදය රැකගැනීමේ ක්‍රියාදාමයට මැදිහත්වන ආකාරයේ බරපතළකමය. උදාහරණයක් ලෙසින් කබීර් හෂීම් කියන්නේ එජාපයේ ජාතික මට්ටමේ සිටින සභාපතිවරයා ය. ඔහුට ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ලේ බහුතරය සිංහල එක්සත් ජාතික පාක්ෂිකයන් යැයි සිතීමේ වැරැද්දක් ද නැත. එහෙත් කබීර් මේ සිද්ධියේ දී පෙන්නුම් කරන්නේ තමාට කවුරු ඡන්දය ලබා දුන්නත් තමන් නියෝජනය කරන්නේ එජාපය නොව මුස්ලිම් බව හෝ මුස්ලිම්වාදය වැනි දෙයක් කියාය.

එජාපයේ කෑගල්ලේ බහුතරය මුස්ලිම් නොවුණාට හෝ ඔහුට දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය ජාතියක් හෝ ආගමක් නොබලා ලබා දුන්නාට ඔහු සිතන්නේ තමා ඉන්නේ වෙනත් කොටසක් නියෝජනය කරන්නට බවය. සිංහල සමාජය තේරුම් ගනිමින් සිටින්නේ මේ මූලධර්මවාදයේ දේශපාලනය වැරදියි කියා ය. ඒ දේශපාලනයට යටත් වෙන්නේ නැති සිංහල දේශපාලනයක් අවශ්‍ය යැයි සිතන තරමට සිංහල සමාජය ඈතට යමින් තිබෙන්නේ මේ කාරණය නිසා ය. රතන හිමියන්ගේ ව්‍යාපෘතියට සිංහල සමාජයේ අනුමැතියක් එන්නේ මේ කාරණය මත පදනම් වෙමින් බව මගේ තේරුම් ගැනීම ය.

මෙහිදී අප තේරුම් ගත යුතු කාරණය වන්නේ මේ ප්‍රශ්නයට පිළිතුර සෙවීමේ ක්‍රියාදාමයේ දී මුස්ලිම් සමාජය මූලධර්මවාදය වෙතින් ගලවා ගැනීමත් සිංහල සමාජය මූලධර්මවාදයක් වෙතට ගමන් කිරීම වැළැක්වීමත් යන සටන්පාඨ දෙකම අතට ගත් දේශපාලනයක් බවට විපක්ෂයේ දේශපාලනය පත් කිරීමෙන් තොරව මේ වටයේ මේ ප්‍රශ්නයට වැදගත් පිළිතුරක් ලබාදීමේ හැකියාවක් නැති බව මගේ අදහසය. ඉදිරි ජනාධිපතිවරණයේ අප ඉදිරියේ තිබෙන ප්‍රධානතම අභියෝගය වන්නේ එය ය.  

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්