(රංජන් කස්තුරි)
බලපත්‍රලාභී මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත අඩුකර තිබේ.
ඒ අනුව එම මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ පොලී අනුපාතය 10.5% දක්වා අඩුකර තිබේ.
ඇතැම් මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 10% පමණ දක්වා ද අඩුකර තිබේ.
මීට අමතරව මූල්‍ය සමාගම් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා ගෙවන පොලී අනුපාතය ද 7.5% සිට 7% දක්වා පහත දමා ඇත.
මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී පොලී අනුපත හතර වතාවක් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණි.
රාජ්‍ය බැංකුවල පොලී අනුපාත තීරණය කිරිමේදී මහබැංකුව විශේෂ නියමන් නිකුත් නොකරන අතර එම බැංකු මගින් ඒ ඒ පොලී අනුපාත තීරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
COMMENTS
රජයේ ණය පොළී අඩුකර ගැනීමට කළ දෙයක්.
එය පොලියෙන් ජීවත් වන අයට ප්‍රශ්නයකි
මේ රටේ කොච්චර පිරිසක් බැංකු පොලියෙන් ජීවත් වෙනවද ? ණය ගන්නේ කොහොමත් ගෙවන්න පුළුවන් නිසානේ. ඉතින් බැංකු පොලිය මෙහෙම අඩුකලාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? බැංකු පොලියෙන් ජීවත් වෙන හැමෝටම ව්‍යාපාර වල ආයෝජනය කල හැකිද ? මේ ගොල්ලන්ට මේ සැරේ නම් ඡන්දෙ හම්බවෙන්නේ නෑ .
ණය පොලිය කවදාවත් අඩුකරන්නේ නැහැ. නියම සාධාරණය, කොටි ගහල මදි...
ජනිත්, හැමෝම රැකියාවක්, ව්‍යාපාරයක් නොකර බැංකුවල සල්ලි දමාගෙන ඒ පොළියෙන් ජිවත් වෙන්න ගියොත් රටක් දියුණු වෙන්නේ කොහොමද ? රටක ආර්ථිකය වර්ධනය වෙන්න ඕනේ නම් රටේ ජනතාව අතර මුදල් සංසරණය වෙන්න ඕනේ.එතකොට රජයට ලැබෙන වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි විවධ ආකාරයේ බදු නිසා රජයේ බදු ආදායම වැඩි වෙනවා.ඒ මුදල් රටේ සංවර්ධනය සදහා ආයෝජනය කරන්න පුලුවන්. එවිට රටේ රැකියා අවස්ථා වැඩි වෙනවා.
ව්‍යාපාරයක්, රැකියාවක් මුකුත්ම නොකර නිකන් ඉඳන් කන්න බලාගෙන ඉන්න කාලකන්නි ඉන්න රටක් දියුණු වෙන්නේ නැහැ.
ජනිත් මහත්මය අවරුදු 60 ට වැඩි වැඩිහිටි පුරවැසියන් ගේ රුපියල් ලක්ෂ 15 සීමාවක් ඇතුව ස්ථාවර තැන්පතු සදහා වැඩි පොලියක් දෙන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වෙනවා, එමනිසා ඔබතුම සදහන් කරන වැඩිහිටි විශ්‍රාමිකයන්ට මෙතන අගතියක් සිදු වෙන්නේ නැහැ , ව්‍යාපාර සහ නිවාස ණයවලට අයකරන පොලිය අඩු නොකලොත් ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර වැඩි දියුණු කරන්න සහ අලුතෙන් ව්‍යාපාර පටන්ගන්න මැලි වෙනවා, මිනිස්සු ණය අරගෙන නිවාස හදන එක නවත්වාවී එහෙම වුනොත් ආර්ථික වර්ධනය කොහොමත් පහත වැටෙනවා, ණය ඉල්ලුම අඩුවන විට ස්ථිර තැන්පතු වලට ගෙවන පොලිය අඩු කිරීමට බැංකු වලට අනිවාර්යයෙන් සිදු වෙනවා, ලැබෙන බදු දේශපාලකයන් විනාශ කරන එක මම කොහොමත් අනුමත කරන්නේ නැහැ, නමුත් එක වෙනත් ප්‍රශ්නයක් රටක දියුණුවට සහ රටක රැකියා අවස්ථා ඇති වෙන්න ජනතාව අතර අනිවාර්යයෙන්ම මුදල් සංසරණය වෙන්න ඕනේ .