තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි.
“විශ්වාසදායී සුහුරු නිෂ්පාදන” තේමාව පදනම් කරගනිමින් මාර්තු 15 දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ඇරඹෙන මෙම වැඩසටහන මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත්, “ස්මාට් නිෂ්පාදන” පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම මෙම ද වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමින් ගමට යන එක හොදයි. ඊට ඉස්සර යල් පැනපු නීති අලුත් කරන්න, පාරිබෝගික අධිකාරියට ඇල්ලුවට හපන්න බැරි තියරියක් තියෙන්නේ.