වසර 78 කට ඉහතදී, (1942 දී) කැළණිය පාලම අසළ බේකරියක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලෝකයට පිවිසි දේශමාන්‍ය කේ. එච්. ධර්මදාස මහතා විසින් ආරම්භ කරන ලද නවලෝක ව්‍යාපාරය අද වන විට සුවිසල් දේශීය ව්‍යාපාර ජාලයකි.
එම ව්‍යාපාර ජාලයේ මූලාරම්භය වූ පෑළියගොඩ නවලෝක හෝටලය සහ බේකරිය සියලුම නවීන පහසුකම් සහිතව සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමෙන් පසුව අද පෙරවරුවේදී යළි විවෘත කරන ලදි.
නවලෝක හෝටලය සහ බේකරිය නවීකරණය කිරීමෙන් පසුව එහි හිමිකරුවන් වන උපාලි ධර්මදාස මහතා සහ සන්ධ්‍යා ධර්මදාස මහත්මිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අයුරු
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
බෞද්ධ සාහිත්‍යයේ මී කුණෙන් දියුණු වුණු පුවත සහ සමානයි. නවලෝක ඉතිහාසය ඉතා ධෛර්යය සම්පන්න දකුණේ පුත්‍රයෙක් විශාලතම ව්‍යාපාරික ජාලයක් හැදුවේ රුපියලක්වත් නැතිව හිස් අතින් කොළඹ ඇවිත් අද රටේ පාරක් පාරක් ගානේ කෑ ගහන උපාධිදාරී මහත්වරු නවලෝකයේ ඉතිහාසය ගැන කියවන්න.
නවලෝක මුදලාලි හොඳ මහත්මා ගුණාංගයන්ගෙන් යුතු කෙනෙක්. ඔහුගේ දරුවනුත් එය අනුගමනය කළා.
උත්සාහයෙන් දියුණුවේ හිනිපෙත්ත තරණය කල, නවලෝක ආයතනයට අපේ උණුසුම් සුබ පැතුම්.!