ඉකුත් වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් ලෙස ඇස්තමේන්තු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව කියයි.
නොවැම්බර් මාසය අවසන් වනවිට පැවැති දළ නිල සංචිත ප්‍රමාණය වන ඩොලර් බිලියන 7 ආනයනික මාස 3.7කට සමාන යැයි ද මහ බැංකුව පවසයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 9.7ක් වූ බවත් එය ආනයනික මාස 5.2කට සමාන වූ බවත් මහ බැංකුව තවදුරටත් කියයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්තියක් තිබුනා මදුෂ්ගේ සංචිතය බිලියන 10 ක් කියලා