බ්‍රිතාන්‍යයේ කෙන්ට් වරාය අසළින් මතුවී සිටින අතිවිශාල කකුළුවෙකු දැක්වෙන ඡායාරූපයන් පෙළක් ලොව කළඹමින් තිබේ.
ඇතැමුන් මෙය සැබෑ ඡායාරූපයක් බව කියන්නේ වුවත් තවත් අය කියන්නේ මෙය ව්‍යාජ ලෙස නිර්මානය කළ එකක් බවයි.
සත්‍ය හෝ ව්‍යාජ හෝ වේවා වරාය අසළ අති විශාල කකුළුවෙකු සිටිනු එම ඡායාරූපයන්ගේ හොදින් සටහන්ව නම් තිබේ.
මෙවැනි අද්භූත ඡායාරූපයන්ටම වෙන්වූ වෙබ් අඩවියකින් අන්තර්ජාලයට එක්කෙරී ඇති මෙම ඡායාරූපයන් ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්ව ඇත.
ඒවා අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සදහන් කර ඇත්තේ මේ කකුළුවා සෙළවෙනු පවා තමන් දුටු බවයි.
ලෝකයේ විශාලතම කකුළුවන් යැයි දැනට වාර්තා වන්නේ ජපානයේ මකුළු කකුළුවන් වන අතර ඔවුන් අඩි 12 ක් පමණ විශාලව වැඩේ.



