‘තෙල් වෙළඳපොළ යථාතත්ත්වයට පත්ව තිබෙනවා’


තෙල් වෙළඳපොළ නැවතත් යථා තත්ත්වයට පත්ව ඇතැයි සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය කලීඩ් අල් ෆාලි අද (13) පැවසීය.
 
අබු ඩාබී හි පැවැති ‘තෙල් කර්මාන්තය’ පිළිබඳව සමුළුවක් අමතමින් සෞදි බලශක්ති අමාත්‍යවරයා ඒ බව කීවේය. 
 
තෙල් වෙළඳපොළ ඉක්මණින්ම සමබර වනු ඇතැයි ද සෞදි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මේ තත්ත්වය නිසා අප්‍රේල් මාසයට කලින් ‘තෙල් අපනයන කරන රටවල සංවිධානයේ (ඔපෙක්)’ රැස්වීමක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි ද හෙතෙම කීවේය. 
 
 
 
රොයිටර් අසුරිනි
 
055