අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටන ක්ෂීරපථයේ ඇති සූර්යයා හා සමාන වෙනත් තරු අනාගතයේ මිනිසාට භයංකර ප්‍රතිවිපාක අත්කරදෙනු ඇතැයි විද්‍යාඥයෝ මත පළකරති.
අලූතින්ම අනාවරණයවී ඇති තොරතුරු වලට අනුව මේ තරු අප සෞරග්‍රහ මණ්ඩලයට ඇදී එමින් තිබීම හා ඒවායේ ගුරුත්ව බලයට හසුවුනු සෞරග්‍රහ මණ්ඩලයේ විසිර පවතින විවිධ පාෂාණයන් ග්‍රහලෝකයන් කරා ඇදී එමින් පවතින සෙයක් හඳුනාගතහැකිව තිබීම මෙසේ මත පළ කිරීමට හේතුවයි.
විද්‍යාඥයින් පවසන්නේ එසේ ඇදී එන පාෂාණයක් පෘථීවිය දක්වාම පැමිණ එහි ගැටීමට තවත් වසර ලක්ෂ දෙකක් පමණ ගතවනු ඇති වුවත් අභ්‍යාවකාශයේ සන්සිද්ධීන් නීර්ණය කිරීමට යොදාගන්නා ආලෝක වර්ෂ වලින් සැළකූ විට එය ඉතා සුළු කාලයක් වන බවයි.
විනාශකාරී විය හැකි තරුවක් දැනටමත් හඳුනාගෙන තිබෙන අතර එය එච්.අයි.පී 85605 ලෙස නම් කර ඇත.එහි ගමන්මගෙහි වෙනස් වීම සැළකිල්ලට ගෙන ඇති විද්‍යාඥයින් එය තවත් වසර ලක්ෂ 2 කින් පමණ සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්මට තර්ජනයක් එල්ල කරනු ඇති බව පවසයි.
කෙසේ නමුත් අප කෙතරම් ආරක්ෂිතද යන්න නියත වශයෙන්ම දැනගැනීමට නම් තවත් දත්ත අවශ්‍ය බව ඔවුන් පිළිගනී.
යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ ගයියා අභ්‍යාවකාශ නිරීක්ෂක යානය තම මෙහෙයුම වන ක්ෂීරපථයේ ඇති තරු බිලියන ගණනක් සිතියම් ගත කිරීම 2016 වසරේ අවසාන කළ පසු එම දත්ත ආධාර කරගෙන අප ඉරණම කවර ලෙසක තීරණය වනු ඇත්දැයි වඩා නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් ඔවුහු සිටිති.




