සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. හෙවත් ඉස්ලාමීක් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
ටින්ටින් යනු මාධ්‍යවේදියෙකි. රට රටවල සංචාරය යෙදෙමින් වීර වික්‍රමවල යෙදෙන ටින්ටින් චරිතය නිර්මාණය කරනු ලැබුවේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී විසිනි. ඔහු ටින්ටින් කතා නිර්මාණය කළේ ‘හර්ජ්‘ යන අනුවර්ථ නාමයෙනි. ටින්ටින් චිත්‍රකතා පොත් පෙළට අනුව හඳට ගිය පළමු මාධ්‍යවේදියා ද ටින්ටින්ය.
අයි.එස්. ත්‍රස්තවාදීන් මේ වනවිට විදෙස් මාධ්‍යවේදින් රැසකගේ බෙලි කපා මරා දමමින් එම දසුන් අන්තර් ජාලයට මුදා හැර ඇත. ඊට විරෝධය දැක්වීමක් ලෙස ටින්ටින් රසිකයන් පිරිසක් මෙම නිර්මාණය කරන්න ඇතැයි පැවැසෙයි.
අන්තර් ජාලයේ පළ වී ඇත්තේ ජිහාදි ජෝන් අළුගෝසුවා ටින්ටින් මරා දැමීමට සූදානම් වන අයුරු දැක්වෙන සිතුවමකි. එය zඉරාකයට ගිය ටින්ටින්Z යනුවෙන් නම් කර ඇත.
පළමු වරට ටින්ටින් වික්‍රමයක් එළිදැක්වූයේ 1930 දීය. එය ‘සොවියට් දේශයට ගිය ටින්ටින්‘ නම් විය. දෙවැනි ටින්ටින් වික්‍රමය වන ‘කොංගෝ ගිය ටින්ටින්‘ නිර්මාණය වූයේ 1931 දීය. මෙම පොත් දෙකම දැඩි ලෙස විවේචනයට ලක් විය. මේවා වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ හෝ මේවා ඇසුරින් කාටූන් නිර්මාණය වූයේ හෝ නැත.


