දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 11ක පමණ ජන ජීවිතය අඩාලවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කළ හිම කුනාටුව මිලියන 85ක පමණ ජනතාවට පීඩනයක් වී ඇතැයි වාර්තා වේ.
අඟල් 40ක් පමණ ඉහළ නැගී හිම වලින් ඇතැම් ප්‍රදේශ වැසී ගොස් ඇතැයි එරට වාර්තා පවසන අතර ප්‍රාන්ත 11 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.
නිව්යෝක් නුවර සියලුම අනවශ්‍ය ගමන් බිමන් තහනම් කර ඇතැයිද පැවසේ. අඩු ගණනේ 18 දෙනකුවත් මිය ගොස් ඇතැයිද විශේෂයෙන්ම මාර්ග අනතුරු ගණනාවක් සිදුවී ඇතැයිද බී.බී.සී පුවත් සේවය කියයි.





