ග්‍රේස් හැල්ම්ෂෝ පස් හැවිරිදිය.ස්නායු පද්ධතියේ දුබලතාවක් නිසා ඇයට හරිහැටි කතාබස් කිරීමටවත් නොහැක.මානසික ව්‍යාධියක ප්‍රතිඵලයක් ලෙස ඇයට අන් දරුවන් හා ගැවසීමටත් නොහැකය.
නමුත් එසේ යැයි කියා මුළුගැන්වී නොසිටින ඇය සිතුවම් අදින්නීය.ඒවා කෙතරම් විසිතුරුද යත් ඒවා අලෙවි වන මිල පවුම් 1000 (වැනි ඉහළ අගයන් පවා ගන්නේය.
වැඩට අලූත් සහයකයෙකුත් ඇය මෑතකදී පත්කර ගත්තාය.ඒ තූලා නම් වන බැළළියයි.
තම ස්වාමිදුව සිතුවම් අදින විට තූලාද ඇය අසලම ගැවසෙන්නීය.
තූලාත් සිතුවම් ඇඳීමත් තම දියණියගේ රෝගී තත්ත්වය සුවපත් කරන ලකුණු පෙන්වන බව ඇයගේ දෙමව්පියෝ පවසන්නෝය.
තමන්ගේම වයසේ දරුවන් හා කතා කිරීමට මැලි වන ග්‍රේස් තූලා හා කචපචයේ යෙදීමට නම් මැලි නොවන්නීය.
මෙය ග්‍රේස් කෙරෙහි ධනාත්මක ලෙස බලපා ඇති බව වෛද්‍යවරුද පෙන්වා දෙන්නෝය.ඔවුන්ගේ මෙන්ම ග්‍රේස්ට ආදරය කරන සැමගේ අපේක්ෂාව ඇය ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලබනු ඇතැයි යන්නය.
මේ කිසිදෙයක් ගණනකට නොගෙන ග්‍රෙස් තමන්ගේ වැඩය.ඇය අතින් නිමැවෙන ඊළග සිතුවම ලෝක ප්‍රකට සිත්තරුන්ගේ නිර්මානයන් හා කරට කර සිටිය හැක්කක් වීමටද පිළිවන.






