ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, බ්‍රිස්බෙන් සහ මෙල්බර්න් යන ප්‍රධාන නගරවල ජාතිවාදි මුහුණුවරකින් යුක්ත උද්ඝෝෂණ පැවතියේය. ඊට එරෙහිවද ඕස්ට්‍රේලියා ජාතිකයන් පිරිසක් උද්ඝෝෂණ කළහ.
එහිදි සරියා නීතියටත්, පරදාවටත් සහ හලාල් කිරිමටත් විරුද්ධව එක් පාර්ශවයක් පෙනී සිටියේය. තැන් කිහිපයකදි එල්ල කරන ලද බෝතල් ප්‍රහාර වලින් දෙපිරිසටම සුළු තුවාල ඇතිවිය. පොලිසිය තම අශ්වාරෝහක බළඇණි ද කැදවිණි.
මෙම කලබල ඇතිවු අවස්ථාවන්හිදි පක්ෂග්‍රාහි නොවී ක්‍රියා කිරිම මෙහි විශේෂ සිද්ධිය විය. මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දි මේ උද්ඝෝෂණ පැවතියේය.





