සිව්වැනි වරටත් සටන් විරාමයක් ප්‍රකාශ කරයි


මොස්කව්හිදීය (රොයිටර්)
 
සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ පැය පහක සටන් විරාම ආරම්භ වූ බව රුසියානු ආරක්ෂාක අංශ අද (2) නිවේදනය කළේය.

 
දින කිහිපයත් තුළ ප්‍රකාශයට පත් කළ සිව්වැනි සටන් විරාම කාල සීමාව මෙය වේ. ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය සිරියාවේ සටන් විරාම නිරීක්ෂණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඒ බව වාර්තා කර තිබුණි.   
 
මේ අතර පැය පහක සටන් විරාමය ප්‍රමාණවත් නැතැයි එම කාල සීමාව තවදුරටත් වැඩි විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ රුසියාවෙන් ඉල්ලීමක් කළේය.
 
නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිර වී සිටින සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ, වෛද්‍ය ප්‍රතිකාර සහ ආධාර උපකාර සේවා සැපයීමට පැය පහක කාලයක් ප්‍රමාණවත් නැතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය. 
 
055