
සිරියාවේ අයි.එස්. නායක අබ්ද් අල් හාදි මහුමුද් අල් හජී අලී ඝාතනය කළ බව ඇමෙරිකා හමුදාව පවසයි. ඇමෙරිකන් හමුදාව අල් හජී අලී ඝාතනය කර ඇත්තේ සිරියාවේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය.
මෙම මෙහෙයුමට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදාගෙන ඇත. අලුයම හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අල් හජී අලී සැඟවී සිටි ස්ථානය වැටලූ බවත්, පසුව ඔහු ඉලක්ක කර ගනිමින් පහර දුන් බවත්, ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මැදපෙරදිග කලාපයේ මෙන්ම, යුරෝපයේ ද ත්‍රස්ත ප්‍රහාර සැලැසුම් කළ අයි.එස්. නායකයකු ලෙස අල් හජී අලී සැලකිය හැකි බව ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දෙයි.
ඇමෙරිකන් හෙලිකොප්ටර් ප්‍රහහාරයෙන්, අල් හජී අලී පමණක් නොව, තවත් අයි.එස්. සාමාජිකයන් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි.
(රොයිටර්)

