ස්තී‍්‍ර දුෂණයක් සම්බන්ධයෙන් සිරගත කර සිටි සැකකරුවෙකුව සිරගෙය බිඳ පිටතට ගෙන ඔහුට වධහිංසා පමුණුවා මරාදැමීමට ඉන්දියාවේ දිමාපූර්හි වැසියෝ පසුගියදා කටයුතු කළහ.ඔහු බංගලිදේශ අනවසර සංක්‍රමණිකයෙකි.
මෙම සැකකරු පාසැල් ශිෂ්‍යයාවක දුෂණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටියෙක් බව පැවසෙන අතර ඔහුට එරෙහි නඩු විභාගය පැවැත්වීමට තිබී ඇත්තේ පසු දිනෙකය.
දිමාපූර් වැසියන්ට අනුව එම ශිෂ්‍යාව දුෂණය කර ඇත්තේ මෙම පුද්ගලයාම මිස අන් කිසිවෙකු නොවේ.ඔහුට එරෙහිව හා ප‍්‍රදේශයේ පොලිසියේ ගොලූබෙලි කි‍්‍රයාකාරීත්වයට එරෙහිව විරෝධය දක්වමින් සිරගෙන බිදීමට පෙර දිනයේ සිටම නගරය පුරා විරෝධතා පැවැත්වීමටද ඔවුහු කටයුතු කළෝය.
සිරගෙදර බළධාරීන් පවසන ආකාරයට රාති‍්‍රයේ සිරගෙදර තාප්පය ඉදිරිපිටට පැමිණි නගර වැසියන් කණ්ඩායමක් සිරකරු තමන්ට භාරදෙන්නැයි ඉල්ලා සිට ඇත.පසුව තව තවත් පුද්ගලයින් සිරගෙදර ඉදිරිපසට එක් රැස්වන්නට පටන්ගෙන තිබෙන අවසානයේ ඔවුන් සිරගෙදර ප‍්‍රධාන ගේට්ටුව බිඳගෙන එහි ඇතුළු වුහ.
සිරකරු සොයාගත් පසු ඔහුව පිටතට ගත් දිමාපූර් වැසියෝ ඔහු සම්පූර්ණයෙන්ම නිරුවත් කර නගර මධ්‍යයේ ඔරලෝසු කණුව දක්වා ඔහුව බිම දිගේ ඇදගෙන ගියහ.එසේ යනාතුර වරින් වර නවතිමින් ඔහුට පහර දුන්හ.
අවසානයේ ඔරලෝසු කණුව වෙත ළගාවූ පසු ඔවුහු සිරකරු වැටක එල්ලා දැමුහ.
නගර වැසියන්ගේ ප‍්‍රචණ්ඩත්වය හමුවේ තමන්ට කළහැකි කිසිදු දෙයක් නොතිබුණු බව දිමාපූර් පොලිසිය කියයි.කලබලය පහව යන තෙක් බලා සිට වහ වහා සිරකරු තමන්ගේ භාරයට ගෙන රෝහල් ගත කළද ඒ විටත් ප‍්‍රමාද වැඩිව තිබූ බව ඔවුන් පවසයි.
දුෂකයින්ට එරෙහිව ඉන්දියා ජනතාවගේ ඇති වෛරය පිළිඹිඹු වූ අවස්ථාවක් ලෙස විද්වතුන් මෙම සිදුවීම හඳුන්වාදෙන අතර ඉන්දියා රජය වරදකරුවන්ට නිසි දඩුවම් පැමිණවීමේ යාන්ත‍්‍රණයක් ඇති නොකරන්නේනම් තත්ත්වය තවත් බරපතල වනු ඇති බවට ඔවුන් අනතුරු අගවයි.
අතීතයේදී ස්තී‍්‍ර දුෂණයක් යනු ඉන්දියාවේ සාමාන්‍යකරණයට ලක්ව තිබූවක් වුවද වර්තමානයේ තත්ත්වය එසේ නොවේ.කාන්තා අයිතීන් සුරැකීමට හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට දැන් බොහෝ දෙනා පෙරට පැමිණෙමින් සිටිති.
මෙයට ආරම්භය ලබාදුන්නේ පසුගිය 2012 වසරේ පස් දෙනෙකුගේ කණ්ඩායමක් බස් රථයකදී ඉන්දියා වෛද්‍ය ශිෂ්‍යයාවක් දුෂණය කර මරා දැමිමේ සිදුවීමය.එය ඉන්දියාවේ මෙන්ම ලොව පුරාද මහත් ආන්දෝලනයක් ඇති කළ අතර එයත් සමග කිසිවෙකුත් නොසිතූ ලෙස ඉන්දියා කාන්තාවෝ තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට ඉදිරියට ආහ.
මෙම තත්ත්වය ඉන්දියා කාන්තාවට යහපත් වුවත් සාමාන්‍ය ජනතාව නීතිය තමන් අතට ගැනීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක බව විද්වත් මතයයි.ඉන්දියා රජය මේ සම්බන්ධයෙන් සෘජු මැදිහක් කිරීමක් කළ යුතු බව ඔවුහු නැවත නැවතත් අවධාරණය කරති.






