ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රි ලංකා තනාපති කාර්යාලය හා එක්ව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි. එහි මුල් අදියර අප්‍රේල් 14 - 17 දක්වා රියාද් නුවර ෆෝ සිසන් හෝටලයේ දි පැවැත්වේ. වෙළඳ කුටි හා වැඩමුළු ඊට ඇතුලත් වේ. තානාපති එම්.එච් මොහොමඩ් මහතා නියෝජනය කරමින් තනාපති කාර්යාලයේ දි ගම්මන්පිල මහතා සහභාගි වේ. ශ්‍රි ලන්කන් ගුවන් සේවය ද මෙම වැඩසටහනට එක් වේ. ලබන ඉරිදා දාමාම් නොවොටෙල් හොටල් පරිශ්‍රයේ දි 5.00 -10.30 දක්වා තවත් වැඩසටහනක් සංවිධානය කරයි.






