ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ‘බිග්බෑෂ්‘ විස්සයි 20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ වාර්ෂික සුහද හමුවකට අගහරුවාදා (5) සහභාගි විය.
සංගක්කාර හා බිග්බෑෂ් තරගාවලියේ කී‍්‍රඩා කරන හෝබාට් හරිකෙන්ස් කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයෝ ද ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවට එක්වුහ. ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි වී සිටින හිටපු ටෙස්ට් ක‍්‍රීඩක අසංක ගුරුසිංහ ද මෙම සුහද හමුවට එක්ව සිටි අතර විචිත‍්‍ර අංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය.





