උදා වූ 2016 නව වසරේ ලෝකවාසී සැමට සෙත්පතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන්හි මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණු "ආශිර්වාදාත්මක බෝධි වන්දනාව" ජනවාරි 01 වැනි දා සවස අසපු භූමියේ දී පැවැත්විණි.
ඇමරිකා එක්සත් ජනපදයේ ගංගා සතකින් ලබාගත් පිරිසිදු පැන් වලින් බෝධීන් වහන්සේ අභිෂේක කිරීම, වැව් පොකුණු විසි දෙදකින් ලබා ගන්නා ලද පිරිසිදු පැන් බෝධීන් වහන්සේට පුජා කිරීම, බෝධීන් වහන්සේලා 50 නමක් සිහිපත් කොට සිදු කළ පහන් ආලෝක පුජාව, බෝධීන් වහන්සේ උදෙසා සිදු කළ විශේෂ ඖෂධ පුජාව, පවිත්‍ර වූ පලතුරු වර්ග 21 කින් සිදු කළ විශේෂ ගිලම්පස පුජාව, ඇතුළුව සවස 5.30 සිට රාත්‍රී 9.00 දක්වා සිදු කළ මෙම උතුම් වන්දනාවේ දී අටවිසි බෝධීන් වහන්සේලා, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ, අෂ්ඨ ඵලරුක හා දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේලාත් අසපු භූමියේ වැඩ සිටින සිරි ගෞතම බෝධීන් වහන්සේත් මහත් සැදැහැයෙන් පුද දුන්හ.
එදින මහානුභාව සම්පන්න රතන සුත්‍රය තුන්වතාවක්ද ජලනන්දන පිරිත 21 වතාවක්ද සජ්ජායනා කැරිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම දුර්ලභ වන්දනාව මෙහෙයවනු ලැබුයේ මහමෙව්නාවාසි ස්වාමීන් වහන්සේලා විසිනි.

![1140[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/11401.jpg)
![1310[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/13101.jpg)
![1330[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/13301.jpg)
![1420[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/14201.jpg)
![1530[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/15301.jpg)
![1610[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/16101.jpg)
