බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි රථ ගාලක වසර 3 ක් තිස්සේ ගාල් කර තිබෙන මෝටර් රථයක් ඇත.
මර්සිඩීස් ඛෙන්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන මෙය රැගෙන යෑමට ගෙවුණු කාලය පුරාවටම කිසිවෙකුත් පැමිණ නොමැති බව සදහන්ය.
වසර 3 ක් නවතා තැබීම නිසා කවුරුන්හෝ එහි හිමිකරුට රථය රැගෙන යෑමට ගාල් කුලී ලෙස ගෙවීමට මේ වන විට පවුම් 14000 ක (රුපියල් 2,904,580.00) පමණ එකතුවී ඇත.
පොලිසිය පවසන්නේ මෝටර් රථයේ පසුපස ඇක්සලයේ දෝශයක් පවතින හෙයින් රථය ඇදගෙන යා හැකි තත්ත්වයේ පවා නොපවතින බවයි.
මෝටර් රථය මත දුලි හා මඩ බැදී ජරාජීර්ණව තිබේ.
මෙම මෝටර් රථය අතුරුදන්වී ඇතැයි හෝ නීති විරෝධි කටයුතු සදහා යොදාගෙන ඇතැයි හෝ කිසිදු සාක්ෂියකි සොයා ගැනීමටත් හැකිව නොමැත.
වසර 3 ක් බලා සිට අවසානයේ රථ ගාලේ පාලනාධිකාරිය මෝටර් රථය පිටතට ඇද දැමීමට තීරණය කර ඇත.
මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව මත තවත් දින 7 කින් මෝටර් රථය පිටතට දමනවා යැයි දැන්වීමක් රදවා තබන බවත් එම දින 7 අවසානයේ කිසිවෙකුවත් නොපැමිණියහොත් තවත් බලා නොසිට රථය පිටතට ඇද දමන බවත් ඔවුන් කියයි.
පවුම් 14000 ක ගාල් කුලී ගෙවා මෙම මෝටර් රථය රැගෙන යෑමට කිසිවෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය පුදුමයක් යැයි ඔවුන්ම පිළිගනී.





