ලොව විශාලත්වයෙන් දෙවැනි මත්ස්‍යා අල්ලා ගැනීමට ඕස්ට්‍රේලියානු ධීවරයන් පිරිසක් සමත් වී ඇත. මෙම මත්ස්‍යයා කොප්පරා මාලු වර්ගයට අයත් මත්ස්‍යයෙකි.
ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ හමුවූ විශාලතම කොප්පරා මාලුවා වන අතර මෙම මත්ස්‍යාගේ බර කිලෝග්රෑම් 439 ක් වේ.
ජෝර්ජ් ලිරන්සීස් ඇතුළු තිදෙනෙකුගෙන් යුතු දක්ෂ ධීවරයන් කණ්ඩායමක් විසින් ඕස්ට්‍රේලියාවේ මල්ලකූටා ප්‍රදේශයට ආසන්න නිව් සවුත්වෙල්ස් සහ වික්ටෝරියා මායිමට එපිට මුහුදේ දී මෙම මත්ස්‍යයා අල්ලා ගනු ලැබ ඇත.
පැය දෙකකට ආසන්න කාලයක සටනකින් පසුව මෙම මත්ස්‍යයා බෝට්ටුවට නංවා ගැනීමට ඔවුහු සමත් වුහ.
ජෝර්ජ් ලිරන්සීස් පැවසුවේ ලොව විශාලත්වයෙන් දෙවැනි කොප්පරා මාලුවා අල්ලා ගත් බව ඔවුන් නොසිතූ බවයි.
ලොව විශාලතම කොප්පරා මාලුවා මීට පෙර හමුවී ඇත්තේ 1953 දී චිලී දේශයේ මුහුදු සීමාවෙනි. එම මත්ස්‍යයාගේ බර කිලෝ 536.1 කි.
"අපි මාලුවාට සමීප වුණාට පස්සේ ඌ උඩ පනින්න ගත්තා. අපිට දැණුනේ අපේ බෝට්ටුව වටේ කවුරුහරි මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා වගේ" ඒබීසී පුවත් සේවයට වෙත අදහස් දක්වමින් ජෝර්ජ් ලිරන්සීස් පැවසුවේය.
- 209



