ප්‍රධානියාගෙන් අසන බැණුමකින්, තම සගයෙකු හා ඇතිකරගන්නා ගැටුමකින් කාර්යාලයේ දවසක් අප්‍රසන්න කරගන්නා පුද්ගලයින්ගේ මානසික ආතතිය දුර කරවීමේ සමත් අපූරු යතුරු පුවරුවක් ජර්මන් සමාගමක් නිපදවා තිබේ.
මේ යතුරු පුවරුව සාමාන්‍ය පරිගණක යතුරු පුවරුවක් හා සම නොවේ.සාමාන්‍ය යතුරු පුවරුවේ ඇති යතුරු බොත්තම් වෙනුවට මෙහි ඇත්තේ බොක්සිං ක්‍රිඩකයින් භාවිතා කරන ආකාරයේ ‘‘පන්චිං‘‘ බෑග්ය.එම බෑග මත ඉංග්‍රිසි අක්ෂර හා සාමාන්‍ය යතුරු පුවරුවක ඇති අනෙක් යතුරු වල සංකේත සටහන් කර තිබේ.
මෙම බෑග පරිගණකයට විශේෂ මුහුණතක් ආධාරයෙන් සම්බන්ධ කර ඇත.
දැන් මෙම පන්චිං බෑග යතුරු පුවරුවෙන් වචනයක් ලිවීමට අවශ්‍ය වන්නේ නම් කරන්නට ඇත්තේ එම වචනයට අදාළ අකුරු සදහන්ව ඇති පන්චිං බෑග වලට පහර එල්ල කිරීමය.බෑගයට වදින පහර පරිගණක තිරයේ දිස්වන්නේ අක්ෂරයක් හෝ සංකේතයක් ලෙසින්ය.
මෙනිසා කෝපයෙන් සිටින අවස්ථාවක වුවද කෝපය නිවා ගන්නා ගමන්ම වැඩෙහි යෙදිය හැකි බව මෙහි නිර්මාපකයෝ කියති.




