ලිබියාවේ බෙන්ගාසි නුවර අධිකරණ අමාත්‍යාංශයට බෝම්බ ප‍්‍රහාරයක්


ලිබියාවේ බෙන්ගාසි නුවර අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පෙරේදා (28) සවස අධිබලැති බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප‍්‍රහාරයෙන් 15 දෙනෙක් තුවාල ලැබූහ.
අධිකරණ අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බ පිපිරුමට කලින් බෙන්ගාසි නුවර අධිකරණයක් ඉදිරිපිට ද බෝම්බයක් පුපුරා ගියේය. එයින් තිදෙනෙක් තුවාල ලැබූහ.  
එම බෝම්බ ප‍්‍රහාරයෙන් පසු බෙන්ගාසි නුවර වැසියෝ වීදි බැස ලිබියානු රජයට චෝදනා කරන්න වූයේ පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවසන් නැවැත්වීමට රජය අපොහොසත් බවටය.