චිත‍්‍ර කතාවන්හි එන තම සිත්ගත් දුෂ්ට චරිතයේ පෙනුමට සමානව තම මුහුණ වෙනස් කරගෙන සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ වෙනිසියුලාවෙනි.
නමින් හෙන්රි ඬේමන් නම් වන මේ පුද්ගලයා ඇමරිකා චිත‍්‍රකතා සංග‍්‍රහයක් වනිකැප්ටන් ඇමරිකා’ ලෝලියෙකි.එහි එන රෙඞ් ස්කල් නම් දුෂ්ටයාගේ චරිතය ඔහුගේ පි‍්‍රයතම වේ.
චිත‍්‍ර කතාවේ දැක්වෙන පරිදි රෙඞ් ස්කල්ට ඇත්තේ සාමාන්‍ය මුහුණක් නොවේ.නළල,කම්මුල් ඉහළට ඉල්පී තිබෙන ඔහුගේ මුහුණ ඔහුගේ නමටම ගැළපෙන සේ රත් පැහැතිය.
හෙන්රි ඬේමන්ගේ මුහුණද දැන් රෙඞ් ස්කල්ගේ මුහුණ හා සමය.ඔහුගේ නළලේ සමට පහළින් ඇතුල් කර තිබෙන සිලිකන් කොටස් මගින් එය ඉහළට උලූප්පා ඇත.නැහැය භාගෙට කපා දමා ඇත.ඇස් සම්පූර්ණයෙන්ම කලූ පැහැ ගන්වා ඇත.මුහුණපුරා රතු පැහැය ආලේප කර ඇත.
මෙතැනින් නැවතීමට හෙන්රිගේ අදහසක් නොමැති බව ඔහුට මේ සැත්කම් සිදුකරන වෛද්‍යවරයා කියයි.ඉදිරියේදී කම්මුල් වල සිදුකිරීමට තිබෙන ප්ලාස්ටික් සැත්කමකින් මුහුණේ ඉතිරිව තිබෙන කොටසද වෙනස් කිරීමට නියමිත බව ඔහු පවසයි.
මෙසේ තම පෙනුම වෙනස් කර ගැනීමට ප‍්‍රථමයෙන් හෙන්රි ඊට ශාරීරිකව හා මානසිකව සූදානම්වීද ඇත.එක් දරු පියෙක් වන ඔහුගේ දරුවාද,බිරිදද මේ සදහා කැමැත්ත පළ කර ඇත්තේ ඉතසිතින් බව සඳහන්වේ.






