ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නඟරයේ නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි නව විහාරස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ජනහඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් ලංකාදීප එසැණට දැන්වීය. ලාමා ධරම් බහදුර් ගුරුන් හිමියෝ විහාරාධිපති වහන්සේය.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ එහි වැඩම කළහ.
හවුන්ස්ලෝ නඟරයේ නේපාල ජාතිකයින් විශාල සංඛ්‍යාවක් ජීවත්වන අතර සිදුහත් කුමරුන් ජන්ම ලාභය ලැබූ නේපාලයේ ජනතාව අතර බුදු දහම පිළිබඳව අසාමාන්‍ය උනන්දුවක් වැඩෙමින් පවතින බව එහිදී විහාරාධිපති හිමියෝ පැවසුහ.
මේ අවස්ථාවට හවුන්ස්ලෝ නාගරික මන්ත්‍රී බිස්නු ගුරුන්, නේපාල ජාතික සභාපති මේජර් යු. ගුරුන්, නීතිඥ චමිලා උඩගෙදර සහ රංග පෙරෙරා, ජනහඩ පදනම වෙනුවෙන් ශ්‍රිලාල් ඩයස් සහ නේපාල ජාතිකයෝ පිරිසක්ද සහභාගි වූහ.





