සම්බුදු තෙමඟුල වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධ විහාරස්ථාන ආමිස හා ප්‍රතිපත්ති පුජාමය වැඩසටහන් පැවැත්වීමට යයි. මැයි 4 වන සඳුදා එංගලන්තයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.
බොහෝ ස්ථානවල සෙනසුරාදා දිනය දහම් පාසල් දරු දැරියන් වෙනුවෙනුත්, පොහොය දිනය වන ඉරුදින වැඩිහිටියන් සහ අනෙකුත් දු දරුවන් වෙනුවෙනුත් වෙන්කර ඇත.
මෙම වැඩසටහන ආරම්භ කරමින් මැයි මස 1 වෙනි සිකුරාදා සහ 2 වන සෙනසුරාදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සාංඝික දානයක් ද සංවිධානය කර ඇත.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී මැයි 02 වන සෙනසුරාදා දහම් පාසල් දරු දැරියන් උදෙසාත් 03 වන ඉරුදින උදේ 09 සිට රාත්‍රී 08 දක්වා මුළු දවස පුරාවටම බුද්ධ වන්දනා, දාන, ශීල භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්වෙන බව විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියෝ පැවසුහ.
ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් විහාරස්ථානය පිහිටි චිසික් නගරයේ ජීවත්වන අසරණයින් සඳහා වියළි ආහාර ආදිය බෙදා දීමේ වැඩසටහනක් ද සුදානම් කර ඇත. බොහෝදෙනා නොදැන සිටියත් ලන්ඩනය වැනි සුවිසල් සංකීර්ණ නගරයන්හි ද ඉන්න හිටින්න තැනක් නැති මහමඟ ඉතා කටුක ජීවිත ගත කරන බොහෝ පිරිසක් අනුන්ගෙන් යැපෙමින් ජීවත්වෙති.
ලන්ඩන් බෞද්ධ විහාරය කාලයක් පුරාම මෙම පින්කමෙහි යෙදි සිටි.
ලන්ඩනයේ දැනට විහාරස්ථාන 4 ක් ක්‍රියාත්මක වන මහමෙව්නා ජාත්‍යන්තර භාවනා අසපු මුලස්ථානය ද වෙසක් පුන් පොහොය දිනයේදී උදැසන 7 සිට රාත්‍රී 9 දක්වා අසිරිමත් වෙසක් මංගල්‍යය සහ සිරි ගෞතම ධාතු වන්දනා වැඩසටහනක් ඇත. බැසිල්ඩන් නගරයේ වොට් ටයිලර් මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතය.







