රුසියාවේ අගනගරය වන මොස්කව් වලට නැගෙනහිරින් පිහිටි ඇඟළුම් කම්හලක ඇතිවූ ගින්නකින් ළමයින් තිදෙනකු ඇතුළු 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් පවසන්නේ මෙලෙස මියගොස් ඇති පිරිස වෙනත් රටවලින් පැමිණි සංක්‍රමණිකයන් බවයි. මියගිය දරුවන් තිදෙනාගෙන් එක් අයෙක් අතදරුවකු බව ද පැවසේ. මේ සංක්‍රමණිකයන් එම ගොඩනැගිල්ලේ සේවය කරන අතරම එහි වාසය කරන බව ද රුසියා මාධ්‍ය වාර්තා කරයි.
මේ ගින්න මැඩ පැවැත්වීමට පැය පහක් ගත වූ බව එරට ගිනි නිවීමේ ඒකකය පවසයි.

