අඟහරු ග්‍රහයා වෙත යන ප්‍රථම පුද්ගලයා විමේ අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක පුහුණු වීම් ආරම්භ කැර ඇත. අඟහරුවෙත යාම තම එකම සිහිනය කැරගත් ඇලීස්සා කාර්සන් නමැති මේ දැරිය ඒ වෙනුවෙන් මහත් වෙහෙසුණාය.
ඇමෙරිකාවේ නාසා ආයතනය දැන් ඇගේ ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා අත දීමට තීරණය කර ඇත. විද්‍යා විෂයයන් සමග භාෂා කිහිපයක් අධ්‍යයය කරමින් සිටින ඇලීස්සා නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යාවකාශ කඳවුරු තුනට ම සහභාගී වූ පළමු තැනැත්තා වී සිටින්නීය.
ඇමෙරිකාවේ ලොයිසියානාහි බැටන් රෝග් හි පදිංචිකාරියක වූ ඇය පවසන්නේ තමන් කිසිදු දෙයකින් අසමර්ථ වීමට කැමැත්තක් නොදක්වන බවයි. ඇගේ පියා පවසන්නේ ද මේ සඳහා තම දියණිය ඉතා ධෛර්යයෙන් හා නිර්භයව සූදානම් කරන බවයි.


