යුරෝපා කලාපයේ උණුසුම වැඩිවෙයි


යුරෝපා කලාපයේ උණුසුම එන්න එන්නම වැඩි විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.


මේ වනවිට යුරෝපා හරහා උණුසුම් වායු ප්‍රවාහයක් හමා යන අතර රටවල් රැසක ජනතාව ඉන් පීඩාවට පත්ව සිටිති.
යුරෝපයේ වැඩිම උණුසුමක් වාර්තා වන්නේ 1977 වසරේ ජූලි මාසයෙනි. එම මාසයේදී ග්‍රීසියේ ඇතැන්ස් අගනුවරින් සෙල්සියස් අංශක 48ක උණුසුමක් වාර්තා වී ඇත. 


සිකුරාදා (3) සහ සෙනසුරාදා (4) දකුණු දිග ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ උණුසුම සෙල්සියස් අංශක 47ක් දක්වා වැඩිවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

- 055