
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඝාතනය කිරීමට තැත් කළ තරුණියක, යුක්රේන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දිනෙක සෙලෙන්ස්කී, යුක්රේනයේ ජල ගැලීම්වලින් හානි සිදුවුණු මයිකොලායිව් පලාතට ගොස් එම පලාතේ වැසියන්ගේ සුවදුක් විමසා බැලුවේය.
එම අවස්ථාවේදී, තොරතුරු රැස් කරමින්, එම තරුණිය ජනාධිපතිවරයාට ළං වීමට උත්සාහ ගෙන ඇත්තේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය.
කෙසේ නමුත් සෙලෙන්ස්කිගේ ආරක්ෂක නිලධාරීන් කඩිනමින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය රුසියන් හිතවාදී, යුක්රේන තරුණියක බව පැවැසෙයි.

