අන්කාරාහිදීය/වොෂින්ටන්හිදීය (රොයිටර්)
මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්නැයි සෞදි අරාබියේ සල්මාන් රජු අද (15) නියෝග කළේය.
සෞදි ජාතිකයකු වන මාධ්‍යවේදී ජමාල් කශෝජි අතුරුදන් වූයේ ඔක්තෝබර් 2 වැනිදාය. ඔහු අවසන්ට වරට දැක ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාල තුළදී වන අතර ඔහු කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පට තිබුණද ඔහු ඉන් පිටතට පැමිණි බවට කිසිදු තොරතුරක් නැත.
තුර්කි සහ සෞදි පරීක්ෂකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් අද (15) තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය පරීක්ෂා කිරීමට නියමතව ඇත.
මාධ්‍යවේදී ජමාල්ට සිදු වූයේ කුමක් ද යන්න සෙවීමට එක්ව වැඩ කිරීමට සෞදි සහ තුර්කිය එකඟ වූයේ දින කිහිපයක සාකච්ඡාවලින් පසුවය.
මාධ්‍යවේදී ජමාල් කශෝජි සෞදි රාජධානියේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට මාධ්‍යවේදියෙකි.
(055)

