මගීන් හා කාර්යමණ්ඩලය ඇතුළු 239 දෙනෙකු සමග අතුරුදන්ව මේ වන විට වසරක් ගතව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච්. 370 අංක දරන ගුවන්යානයේ තිබුණු බවට සැකකෙරෙන අත්පිස්නාවක් ඕස්ටේ‍්‍රලියාවේ බටහිර වෙරළ තීරයෙන් හමුව ඇති බව වාර්තා වේ.
අත් පිස්නාව සොයාගෙන තිබෙන්නේ වෙරළේ සක්මන් කරමින් සිටි ඕස්ටේ‍්‍රලියා ජාතික යුවළකි.මලයාසියා ගුවන්සේවය යැයි මුද්‍රණය කර තිබූ අත්පිස්නාව පොලිතින් පැකට්ටුවක බහා මුද්‍රා කර තිබුණු බව ඔවුන් කියයි.
අත්පිස්නාව භාවිතයට ගෙන ඇති බවක් නොපෙනීම නිසා ඒ පිළිබඳ සැක උපදවා ඇති ඔවුන් දෙපළ වහාම බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
අත්පිස්නාව මේ වන විට තිබෙන්නේ ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර විශේෂ පර්යේෂණාගාරයකය. එය සැබෑවටම අතුරුදන්ව තිබෙන ගුවන්යානයට අයත් එකක්දැයි පර්යේෂකයෝ සොයාබලමින් සිටිති.
විශේෂඥයින් පවසන්නේ ගුවන්යානයක් මුහුදට වැටී විනාශ වූ අවස්ථාවක එහි තිබුණු මෙවැනි දේ වෙරළට ගසාගෙන ඒමේ හැකියාවක් තිබෙන බවයි.එනිසා බොහෝවිට මෙම අත්පිස්නාව එම්.එච්.370 අංක දරන ගුවන්යානයේ තිබුණක් විය හැකි බව ඔවුන් කියයි.
එය එසේ වුවහොත් අත්පිස්නාව සොයාගත් ප‍්‍රදේශය ආශි‍්‍රතවද ගුවන්යානය සොයා මෙහෙයුම් දියත් කිරීමට බළධාරීහු අපේක්ෂාවෙන් සිටිති.
පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා අතුරුදන්වූ එම්.එච් 370 දරන ගුවන් යානය ගැන මේ දක්වාම කිසිදු තොරතුරක් ලැබී නොමැත.පාලක මැදිරිය හා සබඳතාවය බිදී ගිය අවස්ථාවේ ක්වාලාලම්පූර් සිට බීජිං බලා පියාසර කරමින් තිබූ යානය තිබුණේ ඉන්දියන් සාගර කලාපයට ඉහළිනි.
මේ සම්පූර්ණ මුහුදු කලාපය ආවරණය වන සේ යානය සොයා මෙහෙයුම් කටයුතු කි‍්‍රයාත්මක වෙතත් ඒවායින් යානයට අත්වූ ඉරණම ගැන කිසිදු සාක්ෂියක් සමුවී නැත.මෙහෙයුම් කටයුතු වල ප‍්‍රධාන හවුල්කරුවා වන ඕස්ටේ‍්‍රලියාව අවස්ථා කිහිපයකදීම වැඩිදියුණු කළ මෙහෙයුම් සැළසුම් කි‍්‍රයාවට නැංවූවද ඒවායින්ද ඵලක්ව නොමැත.




