සිරුරේ මසට කාවැදී සිරවී තිබුණු රැහැනක් නිසා වේදනාවෙන් පීඩා විදිමින් සිටි යෝධ මඩුවෙක් පිහිටක් පතා කොස්ටාරිකාව ආසන්න මුහුදේ කිමිදෙමින් සිටි කිමිදුම්කරුවන් පිරිසක් අසලට පැමිණියේය.
කිමිදුම්කරුවෝ මුලින් බියට පත් වුවද මඩුවාගේ සිරුරේ පැටලී තිබූ රැහැනද,එය ඉවත් කරන්නැයි ඉල්ලන අයුරින් මඩුවා අවට පිහිනූ අයුරුද දුටු විට ඔවුන්ගේ බිය පහ විය.
මඩුවා පිහිනමින් සිටියදීම කිමිදුම්කරුවෝ රැහැනෙන් අල්ලා ඇද එය ගලවා දැමූහ.
තමන් මිදුණු බව දැන කරණම් කිහිපයක් ගසා සතුට පෙන්වූ මඩුවා වෙනතක් බලා පිහිනා ගියේය.
මඩුවාගෙන් ගලවාගත් රැහැන කිමිදුම්කරුවන් අත සුරැකිව රැදී තිබුණි.එය මේ පුදුම අත්දැකීමේ සිහිවටනයක් ලෙස ඔවුහු තබා ගත්හ.
මේ සියල්ල වීඩියෝ පටිගත කිරීමටත් කණ්ඩායමේ සිටි කිමිදුම්කරුවෙක් සමත් වූවේය.එම වීඩියෝව දැන් අන්තර්ජාලයට එක්කර ඇත.





