භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යාඥයින් තිදෙනකුට


2019 වසරේ භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යා ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙය වෙනුවෙන් විද්‍යාඥයින් තිදෙනකුට ලබාදීමට එම කමිටුව තීරණය කර ඇත.
 
ජේම්ස් පීබ්ල්ස්, මිචෙල් මේයර් සහ ඩිඩියර් ක්වෙලෝස් එම ජයග්‍රාහී විද්‍යාඥයින් තිදෙනාය.
 
ස්වීඩන් ක්‍රවුන් මිලියන නවයක මුදල් ත්‍යාගය මොවුන් තිදෙනා අතර බෙදීයන බව ද සඳහන් වේ.විශ්වයේ පරිණාමය හා නොදන්නා ග්‍රහලෝක ගවේෂණය කිරීම සම්බන්දව ඔවුන්ට මෙම සම්මානය හිමිවි ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)