අන්තර්ජාතක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ රොකට්ටුවක් පසුගියදා ගුවන් ගතවී තත්ත්පර 6 ක් ගතවීමේදී පුපුරා විනාශ විය.
සිදුව ඇති අලාභය ඩොලර් ලක්ෂ 2000 (රුපියල් ලක්ෂ 264000) ක් පමණ වේයැයි ගණන් බලා ඇත.
රොකට්ටුව ගුවන්ගත වනු ආශාවෙන් නරඹමින් සිටියවුන්ගේ ඇස් පනාපිටම එය ගිනි බෝලයක් බවට පත්වුනි.
රොකට්ටුවේ පිපිරුම කිලෝමීටර ගණනාවක් ඈතට දිස්ව ඇතැයි සඳහන්ය.
නාසා ආයතනයේ කොන්තරාත්තුවක් භාරව කටයුතු කරන ඕර්බිටල් සයන්සස් නම් සමාගමක් රොකට්ටුවේ හිමිකාරීත්වය දරන අතර එම සමාගම පවසන්නේ වසර 40 ක් පමණ පැරණි තාක්ෂණයක් භාවිතයෙන් නිපදවූ රුසියා රොකට්ටුවක් වැඩිදුර නොසිතා මේ සදහා භාවිතා කිරීම ගමනේ විනාශයට හේතුවූ බවයි.
එසේ වුවත් ප්‍රකාශයක් නිකුත් කර ඇති රුසියාව,ඇමරිකාවේදී සිදුකරන්නට ඇති යාවත්කාල කිරීම් රොකට්ටුවේ විනාශයට මුල් වී ඇතැයි චෝදනා කර ඇත.
පිපිරීමෙන් ජීවිත හානි කිසිත් වාර්තා වී නොමැත.




