බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බිහිවෙයි


විලියම් කුමරුගේ බිරිය කේම්බ්‍රිජ් ආදිපාදවරිය  ඇගේ තෙවැනි දරුවාට උපත දුන් බව කෙන්සින්ග්ටන් මාලිගය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය. 
 

උපත ලබා ඇත්තේ පිරිමි දරුවකු යැයි ද එම නිවේදනයේ සඳහන් විය.
 
බ්‍රිතාන්‍යය වේලාවෙන් අද උදෑසන 6ට පමණ කේට් කුමරිය ලන්ඩන් නුවර පැඩින්ග්ටන් හි පිහිටි ශාන්ත මේරි රෝහලට ඇතුළත් කර තිබෙන අතර කිසිදු සංකූලතාවක් නොමැතිව උපත සිදු වූ බව කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය.
 
උපත ලැබූ දරුවා ඔටුන්නේ පස්වැනි හිමිකරුවා වන අතර දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ හයවැනි මී මුණුපුරා ද වේ. ඔහු ජෝර්ජ් කුමරුගේ සහ චාලට් කුමරියගේ බාල සොහොයුරුද වන්නේය. 
 
ඬේලිමේල් ඇසුරිනි 
 
055