ඔත්තු බැලීමේ චෝදනාවට ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කළ බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍ය සිසුවකු වන මැතිව් හෙජ් නිදහස් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර තිබේ.
31 හැවිරිදි මැතිව් හෙජ් නිදහස ලැබුවේ ජනාධිපති සමාව යටතේය.
එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති විසින් හෙජ් ඇතුළු තවත් 700 දෙනෙකුට සමාව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික දිනයට සමගාමීව හෙජ් ඇතුළු පිරිසට මෙලෙස නිදහස හිමි වී තිබේ.
හෙජ් මැතිව්ට කඩිනමින් යළි බ්‍රිතාන්‍ය බලා යෑමට අවස්ථාව ලැබී ඇති බව එක්සත් අරාබි එමිරේට්ස් පුවත් වාර්තා කරයි.
තම සැමියාට සමාව ලැබීම ගැන අතිශය සතුටට පත්වන බව ඇයගේ බිරිඳ වන ඩැනියෙලා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.
(28535)
බීබීසි ඇසුරෙනි

