බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශී‍්‍ර ලංකාව දක්වා සිදුකරන ගුවන් පියාසැරි 2015 මාර්තු මස 28 වැනිදා සිට අත්හිටුවන බව නිවේදනය කර ඇත.
එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාව දක්වා සිදුකරන පියාසැරියන්ගෙන් අපේක්ෂිත මට්ටමේ ලාභයක් උපයාගත නොහැකි වීමයි.
1998 වසරේදී ශී‍්‍රලංකාව දක්වා ගුවන් පියාසැරියන් අත්හිටවූ බි‍්‍රටිෂ් එයාරවේස් ගුවන් සේවය නැවත ශී‍්‍ර ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය.
දැන් නැවත වරක් ශී‍්‍ර ලංකාව අත්හැරීමට ඔවුන් සැරසේ.
බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන්සේවය ශී‍්‍රලංකාවේ ගුවන්මෙහෙයුම් වලින් ඉවත් වුවද ශී‍්‍රලංකාවේ නිල ගුවන්සේවය වන ශී‍්‍රලංන්කන් දැන් ‘‘වන් වර්ල්ඞ්‘‘ ලෝක ගුවන්සේවා එකමුතුව හා සම්බන්ධව සිටින හෙයින් බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන්සේවය යුරෝපයට හා ඇමරිකාවට සැපැයූ ගුවන්ගමන් සේවා ඔවුන් නොමැතිව වුවද ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකිය.
ගුවන්ගමන් සදහා ටිකට්පත් වෙන්කරවාගෙන ඇති මගීන්ගේ මුදල් නැවත ඔවුන් වෙත ලබාදෙන බවද බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

