දුප්පත්කම නිසා විනෝදාස්වාදයක් ලබාගැනීමට මගක් නොමැති බව පවසන නැගෙනහිර චීනයේ ෂැන්ක්සි ප‍්‍රාන්තයේ ජිෂාන් ප‍්‍රදේශයේ වැසියෝ එම අඩුව පුරවා ගන්නේ වාර්ෂිකව බලූපොර තරගාවලියක් සංවිධානය කිරීමෙනි.
ඕනෑම අයකුට තම බලු සුරතලා තරගාවලියට ඉදිරිපත් කළ හැකි අතර පොරයෙන් ජය ලැබුවහොත් ඔහුට සිගරට් පැකට්ටුවක් හා පිත්තල බදුනක් තෑගි ලෙස ලබාගත හැකිය.
පොරයේදී එක් සතෙකු මියයන තෙක් හෝ මියයෑමට ආසන්න වන තෙක් සටන් වැදීමට සතුන් දෙදෙනා උසි ගැන්වේ.
සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන්ගේ දැඩි විරෝධය මේ කෙරෙහි පළව ඇතත් චීනයේ සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමක් සිදුව නොමැති නිසා මෙම බලූපොර වලට එරෙහිව පෙනී සිටීමේ හැකියාවක් එම සංවිධාන වලට නොමැත.
තමන්ට නැගෙන විරෝධය අසාධාරණයැයි පවසන බලූ පොර සංවිධායකයෝ පවසන්නේ නගරාසන්නයේ වෙසෙන ජනතාවට තමන්ට කැමති ආකාරයකින් විනෝදාස්වාදය ලබාගැනීමට අවස්ථා ඇතත් ඉතාම දුෂ්කර හා දිළිදු පළාතක ජීවත් වන තමන් ඇතුලූ වැසියන්ට ඒ කිසිදු හැකියාවක් නොමැති බවය.
මද හෝ විනෝදයක් ලබාගත හැක්කේ මෙසේ බලූ පොරයක් සංවිධානය කිරීමෙන් බව ඔවුන් කියයි.



