බර්ලින් වෙසක් පින්කම


ජර්මනියේ ඓතිහාසික බර්ලින් විහාරයේ වෙසක් මහා පින්කම මෙවරත් උත්කර්ෂවත් ලෙස කෝන්ගස්පිටියේ සාන්ත රක්ඛිත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා දික්වැල්ලේ සීලසුමණ හිමියන්ගේ සහාභාගිත්වයෙන් පැවැත්විණි. ශීල භාවනා වැඩ සටහන්, ධර්ම දේශණා සහ වෙසක් දන්සල ද පැවැත්වූ අතර වෙසක් දිනය පිළිබදව සීලසුමණ හිමියෝ දේශනයක් පැවැත්වුහ.

ජර්මන් ජාතික ටෝබියාස් හිමි, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා, ජර්මන් ධර්ම දුත සංගමයේ උප සභාපති තිස්ස වීරරත්න මහතා, සේනක වීරරත්න මහතා යන පිරිස දේශන පැවැත්වුහ. ජර්මන් බෞද්ධයන් විසින් සංවිධානය කළ මෙවර වෙසක් පින්කමට කාම්බෝජ, තායිලන්ත, වියට්නාම්, ජර්මන් සහ ශ්‍රී ලාංකික බෞද්ධයෝ විශාල පිරිසක් සහභාගි වුයේය. සවස ගිලන් පස, බුද්ධ පූජා වලින් පසු වෙසක් පින්කමේ කටයුතු අවසන් වුයේය.

1 02 4 Veask-3.5 Veask-3 Vesak-3.5