
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු නිලධාරීන්ට, අන්තර් ජාලය ඔස්සේ මරණ තර්ජන එල්ල කළ ක්‍රෙග් රොබට්සන් නමැත්තා එෆ්.බී.අයි. පරීක්ෂකයන් කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය.
ක්‍රෙග් රොබට්සන්, යූටා ජනපදයේ ප්‍රෝවෝ නමැති නගරයේ පදිංචිකරුවෙකි.
රොබට්සන්, අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් ඔහුගේ නිවස වැටලූ අවස්ථාවේදී, රොබට්සන් වෙඩි තැබීමට පටන්ගෙන තිබේ.
එහිදී එෆ්.බී.අයි. පරීක්ෂකයන් ද පෙරළා ඔහුට වෙඩි තබා ඇතැයි පැවැසෙයි.
ක්‍රෙග් රොබට්සන්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතවාදියෙකි.
මේ වනවිට ට්‍රම්ප්ට එරෙහිව නඩු විභාග පැවැත්වෙයි. ඒ, ඔහුට අපරාධ චෝදනා එල්ල වී ඇති බැවිනි.
නඩු විභාගයට සම්බන්ධ නීතීඥවරුන්ට ද රොබට්සන් මරණ තර්ජන එල්ල කර තිබුණු බව ද පැවැසෙයි.

