බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක විකාශය නවතා දමා ඇතැයි වාර්තා වේ.
“කේබල් ක්‍රියාකරවන්නන් කිසිවක් පැහැදිලි නොකර විකාශය නතර කර දැමුවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම රූපවාහිනි නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ ෆහීම් අහ්මද් පැවැසීය
.
මෙසේ විකාශය නවතා දමා ඇත්තේ බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් වන ‘ජමුනා ටීවී’ රූපවාහිනි නාලිකාවේය.
“අපි තවමත් සම්ප්‍රේෂණය කරනවා. එහෙත් බංග්ලාදේශයේ සිටින කිසිවකුටත් අපේ නාලිකාව බලන්න බැහැ. නාලිකාවේ විකාශය සම්පූර්ණයෙන්ම නවත්වලා. එහෙත් අන්තර්ජාලය ඔස්සේ නාලිකාව බලන්න පුළුවන්” යැයි හෙතෙම කීවේය.
මෙම රූපවාහිනි නාලිකාව බංග්ලාදේශයේ විශාලතම සමාගම්වලින් එකකට අයත් එකක් වන අතර මේ සමාගම යටතේ පුවත්පතක් ද මුද්‍රණය කරයි. රූපවාහිනි නාලිකාව මෙන්ම පුවත්පත ද අපක්ෂපාතී වාර්තාකරණයක් ගෙන එන බවට ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
සමාගම අයත් පවුලේ සාමාජිකාවක වන සල්මා ඉස්ලාම් බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නීය. ඇයගේ ප්‍රතිවාදියා වී ඇත්තේ පාලක පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින ව්‍යාපාරිකයෙකි.
බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද විමසීම ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ අද (30) පැවැත්විණි. ඡන්ද විමසීම පැවැති කාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මේ අතර බංග්ලාදේශ ආණ්ඩුව මාධ්‍ය මර්දනය දියත් කර ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ.
(ඒ.එෆ්.පී ඇසුරිනි)
(055)

