පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික බක්මහ උළෙල පසුගියදා විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
අවුරුදු උත්සවය වෙනුවෙන් ඉදිකළ කූඩාරම් තුළ සීඩී හා පොත් අලෙවි කුටිද තිබූ අතරල ලොතරැයි මණ්ඩලයේ කවුළුවක්ද පිහිටුවා තිබුණි.
උඩරට මගුල් චාරිත්‍ර විධි ප්‍රචාරය කෙරුණු ලාංකික ශිල්පී රුවන් පතිරණගේ කුටියක්ද එහි විය.
ආචාර්ණී දමිත‍්‍රි පීරිස් ඇතුළු පිරිස බක්මහේ සංස්කෘතික සැඳෑව ආලෝකමත් කළහ.




















