වයස අවුරුදු 15 ක පිරිමි දරුවකු තම නිවස තුළදී සාදා ගත් පැරෂුටයක් කුළුණක් මතදී අත්හදා බැලීමට යාමේ දී ඇද වැටී මිය ගොස් ඇති බව යුක්රේනයෙන් වාර්තා වෙයි.
නැගෙනහිර යුක්රේනයේ පිහිටි මෙම කුළුණ මහල් 14 කින් සමන්විතය. පැරෂුටය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිසුවා කෙලින්ම පොළොවට ඇද වැටී තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබු සිසුවා එම ස්ථානයේ දීම මිය ගොස් ඇත.
සිද්ධිය සිදුවන අවස්ථාවේ දී එම සිසුවාගේ මව ඇතුළු ඥාතීන් පිරිසක් ද එම ස්ථානයේ සිට තිබේ. කුළුණ අවට විශාල පිරිසක් ඒ වන විට රැඳී සිට ඇති නමුත් කිසිවෙකුත් එය වැළැක්වීමට උත්සහ දරා නොමැති බව වාර්තා වේ. ඔවුන් එම අවස්ථාව ඡායාරූප ගත කරමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මියගිය පාසල් සිසුවාගේ නම ඔහුගේ මව මාධ්‍යයට ලබාදී නැති බවත් සිද්ධියෙන් ඇය කම්පනයට පත්වී සිටින්නීය.
ඩේලිමේල්
(28535)




