පැපුවා නිව්ගිනියාවේ පාර්ලිමේන්තුවට එරට පොලිසිය සහ හමුදාව කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආසියා - පැසිෆික් ජාත්‍යන්තර සමුළුවට ආරක්ෂාව ලබාදුන් ආරක්ෂක අංශ වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇති ජනේල සහ ගෘහ භාණ්ඩ වලට පොලිසිය සහ හමුදාව විසින් දැඩි ලෙස අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වෙයි.
සමුළුවට ආරක්ෂාව සැපයු එක් නිලධාරීයකුට ඇමෙරිකානු ඩොලර් 104 මුදලක් ගෙවීමට එරට රජය පොරොන්දු වී සිට ඇත.
(28535)



