පාස්කුවේ විපස්සනා භාවනා වැඩසටහනක්


ප්‍රංශයේ බුර්ගොන්ජ් ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන මකොන්හිදී පසුගිය පාස්කු සතියේදී දින 4 ක විපස්සනා භාවනා වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

ප්‍රංශයේ විවේකාරාම බෞද්ධ සංවිධානය මඟින් සංවිධානය කළ මෙම භාවනා වැඩ සටහන මෙහෙයවන ලද්දේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති  ආචාර්ය තවලම ධම්මික නාහිමියන් විසිනි.

ප්‍රංශයේ බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඩොමිනික් තොටිෆ්නොන් ඇතුළු ප්‍රංශයේ ඩිජෝන්, ලීල්, අර්කාස් සහ පැරිස් නුවර සිට පැමිණි 21 දෙනෙක් ඊට වුහ. 

IMG_0798 IMG_0802